විශ්මය දනවන ලෙස ශරීරයේ බර අඩුකරගන්න කැමතිද ?

කුඩාකාල මෙන් ඔබ තවමත් පැණිරස අනුභව කිරීමට ඇබ්බැහිව සිටිනවානම්, ඔබේ ශරීරය අධික ලෙස තරභාරු වෙන්නට වැඩි අවදානමක් පවතින බව හොඳින් මතක තබාගන්න.

පැණිරස අනුභව කිරීමට තිබෙන අධික කෑදර කම නිසා වැඩි වැඩියෙන් පැණිරස අනුභව කරන විට ශරීරය තුල සෙම ගොඩගැසෙන නිසා බැක්ටීරියා සහ දිලීරද කිහිප ගුණයකින් වර්ධනය වෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස ඔබේ ශාරීරික ශක්තිය පිරිහෙන්නටත් පුළුවන්.

ශරීරය තුල වෙසෙන පරපෝෂිතයින් මේද තැන්පතු වලට ප්‍රිය කරන නිසා, වැඩි වැඩියෙන් මේදය තැන්පත් වීමක් සිදුවෙනවා. නමුත් එම පරපෝෂිතයින් ඉවත් කරගන්න ඔබට පුළුවන් නම් ඔබේ ශාරීරික ශක්තිය කිහිප ගුණයකින් වැඩිවෙන අතර පැණිරස අනුභව කිරීමට තිඛෙන කෑදරකමද අඩුවී යනවා.

ශරීරය තුල වෙසෙන එම අහිතකර පරපෝෂිතයින් ඉවත් කරගැනීම සඳහා ඔබට අවශ්‍ය කරන්නේ හණ ඇට සහ කරාබුනැටි පමණයි.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

හණ ඇට ග්රෑම් 100 (ආයුර්වේද ඛෙහෙත් සැල් වල ඇත)
වියලි කරාබුනැටි ග්රෑම් 10

සකසන අයුරු

සියලුම ද්‍රව්‍ය ඇඹරුම් යන්ත්‍රයකට එකතු කොට පිටි බවට පත්වෙන තුරු හොඳින් අඹරාගන්න.

භාවිතයට උපදෙස්

උණුසුම් ජලයට හෝ ඔබේ උදෑසන ආහාරයට එම මිශ්‍රණයෙන් ස්වල්පයක් කලවම් කරගෙන පරිභෝජනය කරන්න ඔබට පුළුවන්. සෑම උදෑසනකම එම මිශ්‍රණයෙන් මේස හැඳි 2ක් දවස් 3ක් පුරාවට භාවිතා කරන්න.

දවස් 3ක් ගතවුණු පසුව, දවස් 3ක විරාමයක් ගෙන මෙම ප්‍රතිකාරය නැවත ආරම්භ කරන්න. මෙලෙස මාසයක් පමණ සිදු කරන විට ඔබේ ශරීරයේ ඇති අනවශ්‍ය පරපෝෂිතයින් ඉවත්ව ගොස් වඩාත් සිහින් සිරුරක් ඔබට හිමිවේවි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!