ක්ෂණිකව ට්‍රිලියනපතියෙකු විය හැකි පහසුම ක්‍රමය මෙන්න.

අද අපි වාසය කරන සමාජයේ සියලුදේ වානිජකරණයට ලක්වී තිබෙනවා. ඉන් අදහස් කරන්නේ මුදල් නොමැතිව වතුර උගුරක්වත් පානයකිරීමට හැකියාවක් නොමැති බවයි. එම නිසා සියලු දෙනා මුදල් ඉපයීමේ මහා අරගලයක නිරතවී සිටිනවා. සැවොම සිහින මවන්නේ බිල් ගේට්ස්, වොරන් බෆට් සහ මාක් සකර්බර්ග් වැනි සුපිරි ධනවතුන් බවට පත්වීමටයි.

බිලියන 7ක ජනගහනයක් වෙසෙන මෙම ලෝකය තුල සුපිරි ධනවතෙකු වීමට දැඩි තරගයක නිරතවීමට සිදුවෙනවා. එය හිතන තරම් පහසු දෙයක් නම් නොවෙයි.

ලොව ප්‍රථම ට්‍රිලියනපතියා ඉදිරි අවුරුදු කිහිපය ඇතුලත බිහිවීමට ඉඩ තිබෙනවා. ඔහු බිල්ගේට්ස්, ඉලෝන් මස්ක් හෝ මාක් සකර්බර්ග් වෙන්නට පුළුවන්. විශ්වාස කරන්න, මෙම සියලු බිලියන පතියන් අබිබවමින් ක්ෂණිකව ට්‍රිලියන පතියෙකු විය හැකි එක් ක්‍රමයක් තිබෙනවා.

ලොව බිලියන පතියන් අභිබවමින් මෙතරම් විශාල ධනයක් යමෙකුට රැස්කරගත හැක්කේ කෙසේද ? අපි අද ඒ පිළිබඳව කතාකරමු.

විශ්වාස කරන්න, ලොව ප්‍රථම ට්‍රිලියනපතියා වීමට ඔබ කලයුත්තේ ග්‍රාහකයක් කැනීම පමණයි.

නීල් දග්‍රේස් ටයිසන් කියන තාරකා භෞතිකවිද්‍යාඥයා සම්මුඛ සාකච්චාවකදී අපූරු ප්‍රකාශයක් සිදුකරා. එනම්, ග්‍රාහක වල වූ ඛනිජ සම්පත් කැනීමට සමත්වෙන පුද්ගලයා ලොව ප්‍රථම ට්‍රිලියනපතියා බවට පත්වෙන බවයි. ඔහු පැවසු දෙය විවාදයකින් තොරව සම්පූර්ණ සත්‍යයක් බව පවසන්නට පුළුවන්.

එළඹෙන අවුරුදු කිහිපයේදී ග්‍රාහක කැනීම අනිවාරයෙන්ම යතාර්ථයක් බවට පත්වෙනවා. නාසා ආයතනය මේවන විට පෘතුවියට ආසන්න ග්‍රාහක දහස් ගණනක් හඳුනාගෙන තිබෙනවා. සෑම දිනකම එම ලැයිස්තුවට අලුත් ග්‍රාහකයක් හෝ දෙකක් එකතු වෙනවා. ඒ අතර ඇති සමහරක් ග්‍රාහක වල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන ගණනක් විය හැකියි.

නාසා ආයතනයට අනුව, පෘතුවියට ආසන්න අභ්‍යවකාශ වස්තූන් 14,000ක් පමණ තිබෙනවා. එම ග්‍රාහක වල මිල කල නොහැකි තරම් වටිනා ඛනිජ සහ අමුද්‍රව්‍ය තිබිය හැකියි. එවැනි වටිනා සම්පත් වලින් සමන්විත ග්‍රාහක මේ විශ්වය තුල අනන්ත සංඛ්‍යාවක් ඇති.

උදාහරණයක් විදියට අගහරු සහ බ්‍රහස්පති අතරවූ ග්‍රාහක තීරය තුල කිලෝමීටර් එකකට වඩා විශාල විෂ්කම්බයකින් යුත් ග්‍රාහක මිලියන 2ක් පමණ ඇතිබව පැවසෙනවා. ලැබෙන ලාබය හා සසඳා බැලීමේදී එවැනි ග්‍රාහක වල වූ වටිනා ඛනිජ කැනීම හිතන තරම් මිලාධික දෙයක් නොවෙයි.

විශ්වයේ වූ මෙම වටිනා සම්පත් සොයා අභ්‍යවකාශ ගතවෙන ප්‍රථම සමාගම හෝ පුද්ගලයා ලොව ප්‍රථම ට්‍රිලියනපතියා බවට පත්වෙනවාට කිසිම සැකයක් නැහැ.

2015 ජුලි මස 2011 uw 158 ලෙස හඳුන්වන ග්‍රාහකයක්, අප පෘතුවියට කිලෝමීටර් මිලියන 2.4ක් තරම් දුරින් ගමන් කරා. එය පෘතුවියේ සිට චන්ද්‍රයාට ඇති දුර මෙන් 6 ගුණයකටත් වඩා වැඩියි. විද්‍යාඥයින් පවසන පරිදි එම ග්‍රාහකය මධ්‍යයේ ප්ලැටිනම් ටොන් මිලියන 90ක් පමණ තිබුනා. ප්ලැටිනම් යනු පෘතුවිය තුල ඉතාමත්ම ඉහල වටිනාකමක් ඇති අමුද්‍රව්‍යයක්.

විද්‍යාඥයින් අනුමාන කරන්නේ කිලෝමීටරයක් තරම් පළල එම ග්‍රාහකය ට්‍රිලියන 5.4ක් තරම් වටිනාකමකින් යුතු බවයි. මෙම තනි ග්‍රාහකයේ වටිනාකම ලොව ප්‍රමුඛ පෙලේ සමාගම් 10ටත් වඩා වැඩියි.

2013 වර්ෂයේ පෙබරවාරි 15 වෙනිදා ඊටත් වඩා වටිනා අවස්තාවක් උදාවුනා. මීටර් 30ක් පළල 2012 DA14 ලෙස හඳුන්වන ග්‍රාහකයක් පෘතුවියට ඉතාමත්ම ආසන්නයෙන් ගමන් කරා. පෘතුවියේ සිට එම ග්‍රාහකයට තිබුනේ කිලෝමීටර් 35000ක් තරම් දුරක්. එය ප්‍රමාණයෙන් කුඩා ග්‍රාහකයක් වුනත්, එහි වටිනාකම ගණන් බලාතිබුනේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 20ක් ලෙසයි. මීටර් 30ක් පළල එම කුඩා ග්‍රාහකයට ඇමරිකාවේ සමස්ත ජාතික නය මුදල පියවීමට තරම් හැකියාවක් තිබුනා.

නමුත් මෙතෙක් හමුවූ වටිනාම ග්‍රාහකය එය නොවෙයි. අගහරුසහ බ්‍රහස්පති අතරවූ ග්‍රාහක පටිය තුලින් හමුවූ 1903 LU ලෙස හඳුන්වන විශාල ග්‍රාහකය සතුව, නිකල්, අයර්න්, කෝබල්ට්, වෝටර්, නයිට්‍රජන්, සහ හයිඩ්‍රජන් විශාල වශයෙන් පැවතියා. එම අමුද්‍රව්‍ය ලොව පුරා වෙසෙන සියලු සමාගම් ඉහල ප්‍රයෝජනවත් බවකින් යුක්තයි. කිලෝමීටර් 323ක් තරම් විෂ්කම්බ්යකින් යුත් එම ග්‍රාහකය ඔබට සිතාගැනීමට පවා අපහසුතාරම් වටිනකාම්කින් යුක්තයි. එහි වටිනාකම දල වශයෙන් අනුමාන කර තිබුනේ ඇමරිකානු ඩොලර් ක්වින්ටිලියන 15ක් ලෙසයි.

ක්වින්ටිලියන 15කින් සිදුකරන්නට පුළුවන් කුමක්ද ? විශ්වාස කරන්න, ඇමරිකානු ඩොලර් 1 කොල ක්වින්ටිලියන 15ක් එකදිගට තැබුවොත්, ආසන්නම තාරකා පද්ධතිය වන ඇල්ෆා සෙන්චුරින් වෙත ඇති දුර මෙන් 30 වාරයකටත් වඩා දිගු වෙනවා.

නුදුරු අනාගතයේදී කැනීම් කිරීමට හැකි ග්‍රාහකයක් ලෙස 1999 JU3 ග්‍රාහකය හඳුන්වන්නට පුළුවන්. එය සෑම වසර 5කටම වරක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කරනවා. එහි වටිනාකම ඩොලර් බිලියන 83ක් වුනත්, අඩු වියදමකින් සහ පහසුවෙන් කනීමට හැකියාව තිබෙන ග්‍රාහකයා එයයි.

හිටපු ඇමරිකානු ජනපති බැරක් ඔබාමා වරක් පවසා සිටියේ, 2025 වර්ෂය වන විට ග්‍රාහක මතට ගගනගාමීන් රැගෙන යාහැකි යානාවන් නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

ඉතින් තවත් අවුරුදු කිහිපයක් අපි නිහඩව බලාසිටිමු.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!