සුරතල් සතුන් මේ විදියට හිස තදකරගෙන සිටින්නේ ඇයි ?

ඔබ සුරතල් සතෙකුගේ හිමිකරුවෙක් නම් මේ පිළිබඳව දැන සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා.

ඉහත පින්තූරය දෙස හොඳින් අවදානය යොමු කරන්න. ඔබේ සුරතල් සුනඛයා හෝ බළලා මේ විදියට කිසිඳු සාදාරන හේතුවක් නොමැතිව හිස බිත්තියකට, පොලවට හෝ වෙනත් වස්තුවකට තද කරගෙන සිටිනවානම් ඉන් අදහස් කරන්නේ ඔවුන් බරපතල ලෙස රෝගාතුර වී සිටින බවයි. එවැනි අවස්තාවකදී ඔබ කලයුතු වන්නේ ඔබේ සුරතලා වහාම පශුවෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමයි.

හිස් තෙරපුම (හෙඩ් ප්රෙසින්) ලෙස හඳුන්වන මෙම අමුතු හැසිරීම ඔබේ සුරතලා ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව ඔබට ලබාදෙන අනතුරු ඇගවීමක් සේ සලකන්න.

ස්නායු පද්ධතිය බරපතල ලෙස හානිවී තිඛෙන අවස්තාවකදී හෝ ස්නාසාවීදීය සෞඛ්‍ය තත්වයකින් පීඩා විඳින විටයි ඔවුන් මෙම අමුතු හැසිරීම සිදුකරන්නේ.

ඒ සඳහා හේතුවෙන කරුණු ගණනාවක්ම තිබෙනවා, ඒ අතරින් ප්‍රධානම හේතු මොනවාද කියා අපි දැන් සොයා බලමු.

1. මොළය හෝ තැලමස බරපතල ලෙස හානිවීම
2. මොලයේ හෝ හිස්කබලේ ඉදිමුමක්
3. විෂ ශරීරගත වීම
4. පරිවුර්තීය දෝෂයක්
5. ආඝාතය
6. මොලය ඉදිමීමේ රෝගය
7. ස්නායු පද්ධතියේ ආසාදන තත්වයක්

හිස බිත්තියට තදකරගෙන සිටීම එක් ලක්ෂණයක් පමණයි , බරපතල රෝගී තත්වයන් පිළිබඳව අනතුරු අගවා සිටින තවත් ලක්ෂණයන් ගණනාවක්ම තිබෙනවා. ඒවා ඔබට පහතින් දැකගන්නට පුළුවන්.

1. රවුමට ඇවිදීම
2. හිස පොලවේ ඇතිල්ලීම
3. මුළු වල හිරවී සිටීම
4. බිත්තියක් දෙස බලාගෙනම සිටීම
5. දෘෂ්ටි දෝෂ
6. පරිග්‍රහය

ඔබේ සුරතල් සතාගේ මෙවැනි ලක්ෂණ දක්නට තිඛෙනවානම් වහාම පශු වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමට අමතකර කරන්න එපා. ඔබ එය නොසලකා හැරියොත් ඔබේ සුනඛයා අවාසනාවන්ත ලෙස මරණයට උනත් පත්වෙන්නට ඉඩ තිඛෙන බව හොඳින් මතක තබාගන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!