ෆේස්බුක් ආයතනය හඳුන්වාදෙන විශ්මිත පහසුකම මෙන්න.

හැරී පොටර් චිත්‍රපටියේ නරඹන්නාට ප්‍රතිචාර දක්වන මායාකාරී චායාරූප තිබුනා ඔබට මතකද ? ෆේස්බුක් ආයතනය එවැනිම විශේෂාංගයක් සමාජ ජාලය වෙත හඳුන්වාදීමට වෙහෙසෙමින් සිටිනවා. ඔවුන් එය හඳුන්වන්නේ (Reactive Profile Pictures) යනුවෙනි.

එහිදී සිදුවන්නේ ඔබට වැටෙන ලයික්ස් සහ කමෙන්ට් වලට අනුව, ඔබේ චායාරූපය සිනාසෙමින් ඉගිකිරීමයි. අපි විසින් අප්ලෝඩ් කරනු ලබන තනි චායාරූපයක් සජීවීකරණය කරමින්, එම චායාරූපයෙන් කේන්තිය සහ දුක වැනි මනෝභාවයන් ප්‍රදර්ශනය කිරීමට ඊට හැකියාව තිබෙනවා. මෙය ඔබ සිතනවාටත් වඩා ඉතාමත්ම තාත්වික බව මතක තබාගන්න.

දක්වන ප්‍රතිචාරයට අනුව ප්‍රොෆයිල් චායාරූපයේ මනෝභාවයන් වෙනස් වෙන විට, එය පරිශීලකයින්ට නවමු අත්දැකීමක් වෙනවාට කිසිම සැකයක් නැහැ.

සිදුකරනු ලැබූ අධ්‍යයනයන්වලදී සනාථවී තිබෙන පරිදි, පරිශීලකයින් අතරින් හරි අඩක් පමණ සිතෙන්නේ එය සැබෑම පුද්ගලයා විසින් දක්වන මනෝභාවයන් බවයි.

ක්‍රමයෙන් දියුණු වෙන මෙම විශේෂාංගය, සැබෑම වීඩියෝ වලින් වෙන් කොට හඳුනාගැනීමට පවා නොහැකිවේවි.

මෙම මෙවලම විසින් ප්‍රොෆයිල් චායාරූප සජීවකරණය කරන්නේ, වෙනත් පුද්ගලයින්ගේ මොනොභාවයන් එකට කැටිකරගත් එක් වීඩියෝවක් උපයෝගී කරගනිමින්.

ඒ විසින් අදාළ චායාරූපයේ ඇස්, මුව, කම්මුල් සහ වෙනත් කොටස් ඉලක්ක කරගෙන ඒවා හොඳින් හඳුනාගනිමින්, එය තාත්විකව සජීවීකරණයට ලක්කරනවා.

හඳුන්වාදුන් අලුත් මෙහි සුළු සුළු අඩුපාඩු තිබෙන්නට පුළුවන්. නමුත් එය කාලයත් සමග ක්‍රමයෙන් වැඩිදියුණු වීමට නියමිතයි.

එහි අවසාන ප්‍රතිපලය නම් ෆේස්බුක් තුල ඔබ දකින නිශ්චල ප්‍රොෆයිල් චායාරූපය, ඔබේ මිතුරු මිතුරියන් දක්වන ප්‍රතිචාර වලට අනුව මනෝභාවයන් වෙනස් කිරීමයි.

මෙම මස අවසානයේදී තායිලන්තයේ බැංකොක් වල සමුළුවකදී එම විශේෂාංගය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ෆේස්බුක් ආයතනයේ මෙම අලුත් විශේෂාංගය පිළිබඳව ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!