ග්‍රාහක, වල්ගාතරු සහ උල්කාපාත වෙන වෙනම නිවැරදිව හඳුනාගනිමු.

ග්‍රහලෝක යනු මොනවාද කියා ඔබ සැවොම දන්නවා ඇති. නමුත් අභ්‍යවකාශයේ වූ ග්‍රාහක, වල්ගාතරු සහ උල්කාපාත පිළිබඳව වැඩි යමක් දන්නේ නැහැ. ඒවා වෙන වෙනම විස්තර කිරීමට ඔබ දන්නවාද ?

අපේ සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් නිර්මාණය වෙන මෙම විශ්වීය සක්න්ධයන් නිර්මාණය වන්නේ අයිස්, පාෂාණ සහ ලෝහ වලින් අමුද්‍රව්‍ය වලින්.

මෙවැනි පාශානයක් සුර්යා ආසන්නයට පැමිණි විට, අයිස් රත්වී වායුන් බවට පත්වෙනවා. එවිට එය වටා දිලිසෙන උණුසුම් ස්ථරයක් සහ, දිග නැට්ටක් වැනි කොටසක් නිර්මාණය වෙනවා.

එහි වූ හිම ක්‍රමයෙන් ඉවත්වී ගිය විට එය ග්‍රාහකයක් බවට පත්වෙනවා. මෙවැනි අභ්‍යවකාශ පාෂාණ සම්පූර්ණ රටක් තරම් විශාලව වර්ධනය විය හැකියි. ඒවගේම කුඩා සුනඛයෙකුගේ ඔලුවක් තරමට කුඩා වෙන්නටද පුළුවන්.

එවැනි කුඩා ග්‍රාහක කැබලි අගහරු සහ බ්‍රහස්පති අතර පිහිටි Astroid Belt එක තුල අධි වේගයෙන් ගමන් කරනවා දැකගත හැකියි.

ග්‍රාහක සහ වල්ගාතරු වලින් බිඳීගිය කුඩා පාෂණ කැබලි උල්කාෂ්ම ලෙස හඳුන්වනවා. එවැනි උල්කාෂ්මයක් පෘතුවියේ වායුගෝලය වෙත පිවිසි විට ගිනිගෙන දැවෙන ආලෝක බෝලයක් බවට පත්වෙනවා.

ඉන් නිකුත් වෙන ආලෝකය උල්කාපාත හෝ Shooting Star ලෙස හඳුන්වනවා. එවැනි පාශානයක් පොලවට වැටුණු විට එය උල්කාවක් ලෙස හඳුන්වනවා.

මෙම කෙටි විස්තරය ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුව වුනේ ග්‍රාහක, වල්ගාතරු සහ උල්කාපාත පිළිබඳව නිවැරදි දැනුමක් ඔබට ලබාදීමටයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!