රජ පවුලේ සාමාජිකයෙකු වෙන එක හිතන තරම් සුන්දර නැහැ

කුමාරයෙක් හෝ කුමාරිකාවක් වෙන්නට තිබුනා නම් කියා ඔබට අහිංසක බලාපොරොත්තුවක් තිබෙන්නට ඇති. තරුණ වියට පැමිණියත් තවමත් එම කැමැත්ත අපේ සිත් තුලින් මැකී ගොස් නැහැ. නමුත් රජ පවුලට සම්බන්ධ වෙන එක හිතන තරම් සුන්දර දෙයක් නම් නොවෙයි. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි නීති රීති සමුදායකටම ඔබට යටත් වෙන්නට සිදුවෙනවා. ඒ පිළිබඳව ඔබට දල අදහසක් ලබා දීමට, බ්‍රිතාන්‍යය රජ පවුල හා සම්බන්ධ නීති රීති කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට අපි තීරණය කරා.

1. රැජින සහ හමුදාව අතර ඇති සම්බන්ධය

බ්‍රිතාන්‍යය ව්‍යවස්ථාවට අනුව රැජින සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රධානියා ලෙස සලකනවා. ඒවගේම සන්නාහ සන්නද්ධ බලකායන් වල සේවය කරන සියලු දෙනාගේ මව, බිරිඳ සහ මිත්තනිය ලෙසද සලකනවා. යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමේදී රැජිනගේ වචනය අවසාන වචනය බවට පත්වෙනවා. ඒවගේම රැජිනට විවිධ ගරු තනතුරුද හිමිවෙනවා.

2. විකට නම් වලින් සහ වෙනත් නම්වලින් ඇමතීම තහනම්.

විලියම් කුමරුගේ විවාහක බිරිඳ කේට් මිඩ්ල්ටන්ව බොහෝ විට හඳුන්වන්නේ කේම්බ්‍රිජ් ආදිපාදිවරියගේ බිරිඳ යනුවෙනි. එසේත් නොමැති නම් Duchess of Cambridge යනුවෙනි. නමුත් රජ පවුලට සම්බන්ධ අයෙකුට එසේ ඇමතීම බ්‍රිතාන්‍ය රාජ්‍යය නීතිය බරපතල විදියට උල්ලංඝනය කිරීමකි.

3. ලැබෙන සියලු තෑගී වල අයිතිය රැජින සතු වෙනවා.

බ්‍රිතාන්‍යය රජ පවුලේ ඕනෑම කෙනෙකුට ලැබෙන ත්‍යාගයක සම්පූර්ණ අයිතිය බලයේ සිටින රජුට හෝ රැජිනට හිමිවෙනවා. රැජිනගේ අනුමැතියක් නොමැතිව එය කිසිවෙකුට ප්‍රදානය කිරීම හෝ විකිණීමට කිසිවෙකුට අයිතියක් නැහැ.

4. සියලු දෙනා රැජිනව අනුගමනය කරයුතුයි.

රාජ්‍ය ආචාර රීතියට අනුව විශේෂ අවස්තාවන් වලදී සියලු දෙනා රැජිනව අනුගමනය කර යුතුයි. උදාහරණයක් විදියට ඇය නැගිට සිටීමට තීරණය කලොත් සියලු දෙනා ඒ සමගම නැගී සිටිය යුතුයි. ඇය ආහාර අනුභව කිරීම නතර කරොත් අනෙක් සියල්ලෝම ආහාර අනුභවයෙන් වැළකී සිටිය යුතුයි.

5. ෆිලිප් කුමරු රැජිනට අඩි කිහිපයක් පිටුපසින් ඇවිදගෙන ආයුතුයි.

ෆිලිප් කුමරු කිසිවිට රැජිනට ඉදිරියෙන් ගමන් කරන්නේ නැහැ. මොකද රැජිනව අනුගමනය කිරීම බ්‍රිතාන්‍යය රජ පවුලේ සාම්ප්‍රදායික චාරිත්‍රයකි. රැජිනගේ ස්වාමියා වුනා කියා ෆිලිප් කුමරුටවත් එම නීතිය කඩකළ නොහැකියි. ෆිල්ප් කුමරු සැමවිට තම බිරිඳට පසුපසින් ඇවිදීම සහ සිටගැනීම සිදුකරනවා.

6. කළු කපුටන් සැමවිට කුලුනේ වාසය කරයුතුයි.

බ්‍රිතාන්‍යය රජ පවුලේ ඇතැම් සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් අවුරුදු සියගණනක් පැරණියි. එම නිසා ලන්ඩන් කුලුන මත අඩුමතරමේ කළු කපුටන් 6ක් වත් වාසය කර යුතුයි. එම සම්ප්‍රදාය දෙවෙනි චාල්ස් රජුගේ රාජ්‍ය කාලයේ සිටන් නොකඩවා පැවත ආදෙයක්. දෙවෙනි චාල්ස් රජු පවසා සිටියේ කළු කපුටන් ලන්ඩන් කුළුණ හැරදමා යන දවස බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේ බිඳවැටීම බවයි.

7. රැජිනට පිටුපා සිටිය නොහැකියි

ඔබ රැජින හමුවට ගොස් ඇයට පිටුපා සිටියොත්, රාජකීය ආරක්ෂකයින් ඔබට තදින් තරවටු කරනවාට කිසිම සැකයක් නැහැ. ඒවගේම රැජින ඔබ සමග කතාබස් කරමින් සිටින විට, පළමුව ඇය ඔබට පිටුපා යනකන් සිටිය යුතුයි. මොකද රැජිනට පිටුපා සිටීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැහැ. එය බ්‍රිතාන්‍ය රාජ්‍ය නීතිය බරපතල ලෙස උල්ලංගණය කිරීමක් සේ සලකනවා.

8. නිකට සැමවිට පොලවට සමාන්තරව පැවතිය යුතුයි.

බ්‍රිතාන්‍යය රාජකීය සම්ප්‍රදායට අනුව, විශේෂයෙන්ම කාන්න්තාවන් නිකට පොලවට සමාන්තරව තබාගෙන සිටිය යුතුයි. ඔවුන් එය සලකන්නේ එකම නිවැරදි ඉරියව්ව ලෙසයි. එම නිසා ඔබ රජ පවුලේ සාමාජිකයෙකු නම්, ඔබ වඩාත් පිර කරන ඉරියව්වෙන් චායාරූප ගන්නට සදාචාරාත්මක හැකියාවක් නැහැ.

9. උදේට තොප්පියක්, සවසට කුඩා ඔටුන්නක්

බ්‍රිතාන්‍යය රජ පවුල තුල විලාසිතාවවලටද විශේෂ තැනක් හිමිවෙනවා. නමුත් එම විලාසිතාව බ්‍රිතාන්‍යය රාජ නීතියට අනුකූල විය යුතුයි. දහවල් කාලයේ පවතින නිල අවස්තාවන් වලට කාන්තාවන් තොප්පියක් පැළඳ සිටිය යුතුයි. නමුත් සවස 6න් පසුව කුඩා ඔටුන්නක් සහ රන් ආභරණ පැළඳ සිටිය යුතුයි. එහි ඇති විශේෂත්වය නම්, එම නීතිය වලංගු වන්නේ විවාහක කාන්තාවන්ටයි.

10. රැජිනගේ සුනඛයින්ට ඔවුන්ට කැමති දෙයක් සිදුකල හැකියි.

බ්‍රිතාන්‍ය වත්මන් රැජින සුනඛයින්ට ඉතාමත්ම ප්‍රිය කරන බව ලොව දන්නා කරුණක්. රජ පවුලේ සාම්ප්‍රදායික නීතියට අවනත නොවී රිසි දෙයක් කිරීමට ඉඩ ඇත්තේ එම සුනඛයින්ට පමණයි. විශේෂ හමුවක් පවතින විට එහි පැමිණෙන සංචාරකයින් සුනඛයින්ගේ ක්‍රියාකාරකම් නොසලකා සිටිය යුතුයි. තම සුනඛයින්ට කරදරයක් බව සලකා, විලියම් කුමරුගේ ස්පැනියල් වර්ගයේ සුනඛ සුරතලාව තහනමට ලක්කිරීමටද රැජින කටයුතු කර තිබෙනවා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!