ඔහු දිනකට වතුර ගැලුමක් වෙන්න මාසයක් පානය කරා!

දිනකට වතුර ගැලුමක් මාසයක් පුරාවටම ඔහු පානය කළා.

මාසයක් පුරාවට දිනපතා වතුර ගැලුමක් පානය කලොත් ඔබේ ශරීරයට කුමක් සිදුවේවිද. එම අමුතු අභියෝගය බාරගෙන අවසානයේදී සිදුවෙන දෙය පරික්ෂා කරබැලීමට මාද්‍යවේදියෙකු තීරණය කළා. මීට මසකට පමණ ඉහතදී ඔහු සිදුකරනු ලැබූ පර්යේෂණයේ ප්‍රතිපල සියල්ලම සටහන් කරගැනීමටද ඔහු අමතක කලේ නැහැ. වතුර පානය කිරීම හෙතුවනේ ඔහුගේ සෞඛ්‍යය තත්වය වැඩිදියුණු වුන හැටි ඔබට පහතින් දැකගන්නට පුළුවන්.

පළමු දවස – වෙනසකට මුල පිරුම

වතුර ගැලුමක කොපමණ වතුර වීදුරු ප්‍රමාණයක් තිඛෙනවාද යන්න නොදැනත් මම එක් දිනකට වතුර ගැලුමක් පමණ පානය කරා. පළමුවන දවසේදී ප්‍රථමවරට දිනකට වතුර ගැලුමක් පානය කිරීම මට තරමක් පහසු දෙයක් වුනත් ඒ කිසිවක් ගණනකට නොගත් මා ඒ සඳහාම අවදානය යොමු කරා.

පස්වන දවස – සෑම මිනිත්තු 20කට වතාවක්ම මම මුත්‍රා කරනවා

මිනිස් සිරුර තුල සියයට 60 කට වඩා වැඩි ප්‍රතිශතයක් ඇත්තේ ජලයයි. එම නිසා ජලය පානය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. නමුත් දිනකට වතුර ගැලුමක් පානය කිරීමට නම් කිසිවෙකු පෙළඹෙන්නේ නැහැ. පිපාසයක් නොදැනුනත් මම නිතරම ජලය පානය කළා. එහෙයින් ආහාර ටිකක් අනුභව කලත් මගේ කුසගින්න සංසිඳුනු අතර සැම මිනිත්තු 30කට වතාවක්ම මම මුත්‍රා කළා. නිතරම වැසිකිලි යන හෙයින් මා මත්ද්‍රවය වලට ඇබ්බැහිවී සිටින බවද ඇතැමෙක් සිතුවා.

දසවන දවස – මම දැන් වෙනදට වඩා ලස්සනයි

විශේෂයෙන්ම උදෑසනදී මට වෙනසක් දැනුනා. උදෑසනදී අවදි වූ විට දැනෙන අලස බව සහ ඇගට පන නැති ගතිය නැති කරගැනීම සඳහා සෑම උදෑසනකම මට විශාල කෝපි කෝප්පයක් අවශ්‍යව තිබුනා. නමුත් දැන් ඒ කිසිවක් නොමැතිව වුනත් උදෑසනදී ඉතාමත්ම ක්‍රියාශීලී බවක් සහ ශක්තිමත් බවක් මට දැනෙනවා. එපමණක් නොවෙයි මගේ සම සහ හිසකෙස් වඩාත් දීප්තිමත් ස්වභාවයකටද පත්වුනා. මා සිදුකරන මෙම ක්‍රියාව යම්කෙනෙක් පිස්සුවක් විදියට දකින්නත් පුළුවන්, එහෙත් මෙම හිතකර පුරුද්ද නිසා විශ්වාස කිරීමට පවා අපහසු අලුත් සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක්ම මට දිනපතාම ලැඛෙනවා.

15 වෙනි දවස – මම දැන් හොඳින් ශක්තිමත්

මාගේ ශාරීරික ශක්තිය වෙනදාට වඩා වැඩිවී තිඛෙන බවක් නම් පැහැදිලිවම පවසන්නට පුළුවන්. දිනකට කෝපි කෝප්ප 3ක් පමණ පානය කිරීමට මා පුරුදුව සිටියා නමුත් දැන් නම් සම්පූර්ණයෙන්ම එය නතර කර තිඛෙනවා. එයද විශාල වෙනසක් ලෙස හඳුන්වන්නට පුළුවන්. රාත්‍රියේදී දැනෙන අධික රස්නය පවා මට දැන් දැනේනේ නැහැ. මගේ අලුත් ජීවන රටාවට මගේ ශරීරය කෙතරම් හැඩගැසී තිබෙනවාද යත්, අධික පිපාසයක් දැනුනත් වතුර පානය නොකලද එය නැතිවී යනවා. මට දැනෙන්නේ මම අලුත්ම පුද්ගලයෙක් බවට පත්ව ඇතිබවයි.

20 වෙනි දවස – මම වෙනදාටත් වඩා සතුටෙන් සිටින බව සැවොම පවසනවා.

මෙම පර්යේෂණය ආරම්භයේ පටන් අද දක්වාම නොවෙනස්වී පවතින එකම දෙය නම්, සැමවිට මුත්‍රා කිරීමට අවශ්‍ය වීම සහ මුත්‍රා ජලය තරම් සුපැහැදිලි වීමයි. මම වෙනදාටත් වඩා ශක්තිමත්ව සිටින බව සහ සමේ පැහැයද සුපැහැදිලි ස්වභාවයකට පත්ව ඇති බව මගේ පෙම්වතිය නිතර පවසනවා. ආරම්භයේදී වතුර ගැලුමක් පානය කිරීම අපහසු දෙයක් වුනත් , මට දැන් එය සාමාන්‍යය දෙයකි.

30 වෙනි දවස

මෙය මාගේ අභියෝගයේ අවසාන දිනයයි. නිතර පිපාසය දැනීම සහ මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවුණත් මාගේ ශරීර ශක්තිය උපරිම මට්ටමට පැමිණ තිඛෙනවා. වතුර ගැලුමක් පානය කිරීම ඕනෑවට වඩා වැඩි බව ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් වැඩි වශයෙන් වතුර පානය කරන විට තමයි මට දැනුනේ මා ප්‍රමාණවත් තරමට වතුර පානය කර නොතිබූ බව.

ඔබ මෙම අභියෝගයම උත්සහ කරන්නට යන්න එපා. වැඩිපුර වතුර පානය කිරීමට පමණක් සිතාගන්න. මෙම ලිපිය ඔබවෙත ගෙන ඒමට තීරණය කලේ වැඩිපුර වතුර පානය කිරීමෙන් ලැඛෙන සෞඛ්‍යය ප්‍රතිලාභ පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!