වකුගඩු වලට හානිවුවිට ශරීරයෙන් දිස්වෙන ලක්ෂණ!

වකුගඩු වල කෘත්‍යය අපේ සෞඛ්‍යය සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා. දිනකට අපේ වකුගඩු දෙකෙන් රුධිරය ලීටර් 180ක් පමණ පිරිපහදු කරන බව ඔබ දන්නවාද ?

එම නිසා අපේ ඉල ඇට වලට පහතින් පිහිටි මෙම වටිනා ඉන්ද්‍රිය විසින් රුධිරය ස්ථායීව නඩත්තු ක‍රන අතර ශරීරය තුල ජලය සහ අනෙකුත් ශාරීරික දියර එක්රැස් වීම වළක්වාලීමට කටයුතු කරනවා. මීට අමතරව ඉලෙක්ට්‍රොලයිට මට්ටම විධිමත්ව පවත්වාගෙන යාම, රතු රුධිරානු සෛල නිෂ්පාදනය, රුධිර පීඩනය විධිමත් කිරීම සහ අස්ථි ශක්තිමත් කිරීම වැනි දේවල්ද සිදුකරනවා.

වකුගඩු වලට හානි වුනොත් එය අපේ ජීවිතයටම බලපාන විශාල ගැටලුවක් බවට පත්වෙනවා. එම නිසා වකුගඩුවලට හානිවූ පසුව ශරීරයෙන් දිස්වෙන ලක්ෂණ පිළිබඳව කල්තියා දැනසිටීම ඉතාමත්ම වටිනවා.

වකුගඩු නිවැරදිව ක්‍රියාත්මක නොවෙන විට දිස්වෙන පොදු ලක්ෂණ කිහිපයක් මෙන්න.

ඉදිමුම

වකුගඩු වලට හානිවූ විට ශරීරය ඉදිමීමට ලක්වෙනවා. විශේෂයෙන්ම කකුල්, ඇස්වටය, අත්, මුහුණ සහ දෙපතුල් වැනි ස්ථාන. ශරීරයේ නොයෙකුත් ස්ථාන මෙලෙස ඉදිමීමට ලක්වන්නේ ශරීරයේ තැන්පත්ව පවතින අපද්‍රව්‍ය සහ දියර වර්ග ඉවත් කිරීමට වකුගඩුවලට හැකියාවක් නොමැතිවූ විටයි.

තෙට්ටුව

වකුගඩු නිරෝගීව පවතින විට ඒ විසින් (erythropoietin) ලෙස හඳුන්වන හෝමෝනයක් නිෂ්පාදනය කරනවා. රතු රුධිරානු සෛල නිෂ්පාදනය සඳහා එම හෝමෝනය විශාල දායකත්වයක් සපයනවා. එම රතු රුධිරානු සෛල ප්‍රමාණවත් තරම් නිෂ්පාදනය නොවෙන විට, ශරීරය පුරාවට ඔක්සිජන් සැපයුම ක්‍රමවත්ව සිදුවන්නේ නැහැ.

එවිට රතු රුධිරානු සෛල මට්ටම පහත වැටී, අදාළ පුද්ගලයාගේ ශරීරයේවූ මාංශ පේශී වලට හානිසිදුවෙන අතර, ලේමදිකම, තෙහෙට්ටුව සහ මොලයට හානිසිදුවීම වැනි සෞඛ්‍යය තත්වයන්ද ඇතිවෙනවා.

සම මත කුෂ්ට ඇතිවීම

මීට අමතරව වකුගඩු හානියකදී දැකගත හැකි අමතර පුර්ව ලක්ෂණ මෙන්න.

1. මුත්‍රා වෙනස්කම් (මුත්‍රා ප්‍රමාණය අඩුවීම)

2. සුදුමැලි වර්ණයෙන් මුත්‍රා පිටවීම, විශාල ප්‍රමාණයන්ගෙන් නිතර මුත්‍රා පිටවීම.

3. පෙන සහිතව මුත්‍රා පිටවීම.

4. අඳුරු වර්ණයෙන් මුත්‍රා පිටවීම.

5. මුත්‍රාකිරීමේ අපහසුව

6. රාත්‍රී කාලයේදී නිතර මුත්‍රා කිරීමට අවශ්‍යතාවයක් ඇතිවීම.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!