මෙම ආහාරය අනුභව කලොත් ඔබේ මොලයට පනුවෝ ඇතුළු වෙන්නට පුළුවන්.

මෙය සී.එන්.එන් වෙබ් අඩවියේ මුල් පිටුවේ සඳහන් වූ ආන්දෝලනාත්මක පුවතකි. එය දකින ඕනෑම කෙනෙකුට භීතිය මුසු කුතුහලයක් ඇතිවෙනවාට කිසිඳු සැකයක් නැහැ.

අපි අනුභව කරන ඇතැම් ආහාර වල සිටින පරපෝෂිතයින් අපගේ ඇස්, පටක සහ මොලය වැනි ඉන්ද්‍රියයන් තුලට ඇතුළු වෙන්නට පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ?

2013 වර්ෂයේදී ප්‍රථම වරට මෙවැනි සිදුවීමක් පිළිබඳව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුනා. බ්‍රිතාන්‍යය ජාතිකයෙකුගේ මොලය තුලින් පටිපනුවෙක් හමුවීමත් සමගයි මෙම අවදානම් තත්වය පිළිබඳව විශේෂඥයින්ගේ අවදානය යොමුවුණේ. සී.එන්.එන් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් වෛද්‍ය එෆ්රොසිනි මහතා පවසා සිටියේ එම පුද්ගලයාගේ මොලයේ එක් පැත්තක සිටි පරපෝෂිතයා අනෙක් පැත්තට ගමන් කර ඇති බවයි. එය පරපෝෂිතයින් අතරින් සුළු පිරිසකට පමණක් කළහැකි දෙයක් බවයි එම මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

Spirometra Erinaceieuropaei යනු දකුණු කොරියාවේ, ජපානයේ තායිලන්තයේ සහ චීනය තුල බහුලවම දැකගත හැකි එවැනි පරපෝෂිත විශේෂයකි. ඉහත සඳහන් කරන ලද රටකට සංචාරය කර නිසා තමයි එම පුද්ගලයාට මෙවැනි අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන්නට සිදුවුනේ.

ඉහත සඳහන් කරන ලද පරපෝෂිතයා විසින් ඇතිකරනු ලබන ආසාදන තත්වය හඳුන්වන්නේ sparganosis යනුවෙනි. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි එය, බළලුන් සහ සුනඛයින් ගෙන් පැවතෙන රෝගයක් වන අතර එම පණු විශේෂය මීටර් 1.5ක් තරම් දිගට වර්ධනය වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

සුනඛයින් සහ බළලුන් වැනි සත්වයින් අප අනුභව නොකරන නිසා එම පරපෝෂිතයින් අපගේ ශරීරයට ඇතුළුවීමට අවදානමක් නැති බව ඔබට සිතෙන්නට ඇති. නමුත් අවාසනාවකට ඌරාගේ ශරීරය තුලද මෙම පරපෝෂිතයින් හැදී වැඩෙනවා.

ඌරුමස් වලට පටිපනුවන් ආසාදනය වෙන ආකාරයන් ගණනාවක්ම තිඛෙනවා. මේ ඔබ පහතින් දකින්නේ එම ක්‍රියාවලිය නිරූපණය කරන රූප සටහනයි.

ඌරා කියන සත්වයා හරහා ආසාදන ක්‍රියාවලිය සිදුවෙන ආකාරය ඉහත රූප සටහනේ විස්තර කර තිබුනත්, මිනිස් මොලයට ආසාදනය විය හැක්කේ තුන් වර්ගයක පටිපණුවන්ට පමණයි.

ඌරු මස් අනුභව කිරීම නිසා ලොව පුරා වෙසෙන ජනතාව අතරින් මිලියන 5 තරම් වූ පිරිසක් පටිපනුවන්ගේ බලපෑමට ලක්ව තිඛෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ? ඔබ ඌරු මස් අනුභවයට ප්‍රිය කරන කෙනෙකු නම් මෙය ඔබට සිදුකරන බරපතල අනතුරු ඇගවීමක් සේ සලකන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!