රුසියානු අහසේ දිස්වූ අද්භූත ආලෝකය වෙනත් මානයකට රහස් පිවිසුමක්ද?

රුසියාවේ සයිබීරියා අහසේ අති විශාල දීප්තිමත් බෝලයක් වැනි යමක් දර්ශනයවී තිබෙනවා. එය ස්වාහාවික සිදුවීමක්ද ? වෙනත් මානයක් සඳහා වූ දොරටුවක්ද ? එසේත් නැති නම් පිටසක්වල ජීවීන් වෙසෙන බව සනාත කරන ප්‍රභල සාක්ෂියක්ද ? අද නොදුටු ලෝකයෙන් අපි ඒ පිළිබඳව කතා කරමු.

සයිබීරියාවේ නිවැසියන් පසුගිය සති අන්තයේ ඉතාමත්ම අද්භූත සිදුවීමක් සියැසින්ම දැක තිබුනා. එනම් ඉහල අහසේ දකින්නට ලැබුණු විශාල දීප්තිමත් ආලෝකයකි.

චායාරූප ශිල්පීන් දෙදෙනෙකුගේ කැමරා කාචයේ එම අද්භූත සිදුවීම පැහැදිලිවම සටහන් වී තිබුනා. එම චායාරූප ඉතා පැහැදිලි වගේම ඉහල ගුණාත්මකභාවයකින් යුතු ඒවා වීම විශේෂත්වයකි.

උතුරු සයිබීරියාවේ එම ප්‍රදේශය ආක්ටික් වුර්ථයට ඉතාමත්ම ආසන්නයි. එම දිලිසෙන ආලෝක බෝලය දුටු බොහෝ දෙනෙක් පවසන්නේ එය පිටසක්වල මානයක් සඳහා වූ දොරටුවක් විය හැකි බවයි. ඒවගේම එය මහා විනාශයක පෙරනිමිත්තක් බවද ඇතැමෙක් පවසා සිටිනවා. තේරුම් ගැනීමට නොහැකිවූ අද්භූත දෙයක් දුටු විට එය ලෝක විනාශයට ආඳා ගැනීම ජන සමාජය තුල සාමාන්‍යය දෙයක්. එම නිසා අපි කලබල වියයුතු නැහැ.

එම දීප්තිමත් ආලෝක බෝලයේ වූ විශේෂත්වය නම් එය චලනය වනවා දැකීමයි. ඇතැමුන් පවසා සිටියේ බෝලය ප්‍රසාරණය වෙමින් පැවති බවයි. ඒවගේම එම වස්තුව සැතප්ම 500ක් ඈතට පවා දර්ශනයවී තිබෙනවා.

අසාමාන්‍ය වස්තුවක් සයිබීරියාවට ඉහල අහසේ පියාසර කර බව, රුසියාවේ ආරක්ෂක අංශය ඒ සමගම නිවේදනය කර සිටියා. එම නිසා එය ජනතාව දුටු මිරිගුවක් හෝ මිත්‍යාවක් බව පවසා බැහැර කල නොහැකියි.

එම දීප්තිමත් ආලෝකය දර්ශනයවී තිබුනේ (Nothern Light) ස්වභාවික සංසිද්ධියට සමාගාමීවයි. එම නිසා එම අවස්තාවේදී චායාරූපශිල්පීන් එම ස්ථානය තුල සිට තිබෙනවා. එම නිසා ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ මෙය (Nothern Light) ස්වභාවික සංසිද්ධියේම කොටසක් විය හැකි බවයි.

රුසියානු මාධ්‍යය වාර්තාවන්ට අනුව මොස්කව් ආරක්ෂක අමාත්‍යංශය විසින් සුපිරි බලවත් රොකට් එකක් අත්හදාබලා තිබුනා. එය දියත් කර තිබුනේ උතුරු රුසියාවේ ප්ලෙස්ටෙස්ක් වලින්. එම රොකට් එකේ වූ ප්‍රතිපලයක් වශයෙන් රාත්‍රී අහසේ අදාළ සිදුවීම දර්ශනය වෙන්නට ඇති බවටද මතයක් තිබෙනවා.

ඔබ සිතන විදියට සයිබීරියාවේ ජනතාව භීතියට පත්කළ එම ආලෝකය කුමක් විය හැකිද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!