ජීවත්වීමට නුසුදුසු ලොව භයානක ස්ථාන මෙන්න!

ලොව ජීවත්වීමට භයානකම ස්ථානයන් මෙන්න.

1. Miyake Jima Island

වසර 10කට පමණ පෙර මෙම දුපතේ වූ ගිනිකන්දක් ඉතාමත් භයානක ලෙස පුපුරා ගියා. එම පිපිරීමෙන් ඉහල වායුගෝලයට සල්ෆර් ඩයොක්සයිඩ් විෂ වායුව විශාල වශයෙන් නිදහස් වුනා. එම නිසා එහි වෙසෙන සියලු දෙනා වහාම දුපතෙන් ඉවත් කිරීමට ජපන් රජය කටයුතු කළා. මොකද එය ආශ්වාසවීමෙන් මරණය උනත් සිදුවිය හැකියි. නමුත් මීට වසර 5කට පමණ පෙර නැවතත් එම දුපතේ පදිංචිවීම ආරම්භ වුනා. එම දුපතේ එක් කොටසක් මිනිසුන් සඳහා තහනම් කර තිබෙනවා. ඒවගේම ජපන් රජය විසින් එම දුපත් වැසියන්ගේ සෞඛ්‍ය තත්වය නිතර පරික්ෂාවට ලක් කරනවා.

යම් මොහොතක අනතුරු ඇගවීමේ සයිරන් නාදය ඇසුනොත්, සියලු දෙනා වහාම වායු ආවරණ පැළඳගත යුතුයි.

2. Colma Califonia

1900 ගණන් වල සැන් ෆ්රැන්සිස්කෝ බලධාරීන් නගරයේ සුසානභූමි තුල අලුත් ඉදිකිරීම් සිදුකිරීම තහනම් කර තිබුනා. ඉන් සෞඛ්‍යය අවදනාමක් මතුවී තිබුණු නිසා සියලු සුසානභූමි ඉවත්කිරීමටද පියවර ගෙන තිබුනා. එහි ප්‍රතිපලයක් වශයෙන් 1937 වර්ෂයේදී, සැන්කො මේටියෝ දිස්ත්‍රීක්කය තුල කොල්මා නමින් කුඩා නගරයක් ඉදිවුනා. අද වන විට එහි විශාල සුසානභූමි 17ක් පිහිටා තිබෙනවා. එම නගරයේ වෙසෙන මිනිසුන් ගණන 1800ක් වුනත්, මල සිරුරු සඳහා ඉදිකරපු සොහොන් මිලියන 1.8ක් දැකගන්නට පුළුවන්.

එම නගර වැසියන්ට නිතර අමුතු දර්ශන සහ ශබ්ද ඇසෙන බව පැවසෙනවා. ජීවත්ව සිටින පුද්ගලයින්ට වඩා මියගිය පුද්ගලයින්ගේ සොහොන් කොත් පිහිටා තිබෙන නිසා, එම නගරය මළවුන්ගේ නගරය ලෙස ලොව පුරා ප්‍රචලිතවී තිබෙනවා. අඳුරු වැටුණු පසුව එම නගරයේ වැසියන් නිවෙස් තුලටම වී සිටින බව පැවසෙනවා.

3. Cite Soleil

හයිටි වල පිහිටි මෙම නගරය තුල අපද්‍රව්‍ය බැහැරකිරීමේ කිසිම පද්ධතියක් නැහැ. භයානක අපරාධ කණ්ඩායම් එහි පාලන බලය අතට ගෙන තිබෙනවා. එම නිසා කිසිම නීතියක් ඇත්තේ නැහැ. එම නගර වැසියන් දුප්පත් කමින් දැඩි සේ පීඩා විඳිනවා. බැලූ බැලූ හැම තැනම අපද්‍රව්‍ය වලින් පිරී පවතින එම නගරය අපායකට සමාන කරන්නට පුළුවන්. එක් ස්පර්ශ වීමකින් බයානක ලෙඩරෝග පවා බෝවිය හැකියි. ස්ත්‍රී දුෂණද ඇතුළුව තවත් බොහෝ අපරාද එහි සිදුවෙනවා. එම නිසා HIV වෛරසය එම නගරය තුල හිස ඔසවමින් තිබෙනවා.

මෙහි වෙසෙන ජනතාවගේ උපරිම ආයු කාලය අවුරුදු 50ක් දක්වා පහල බැස තිබෙනවා කිව්වොත්, පුදුමවිය යුතු නැහැ. දරුණු අපරාද වලින් බට කන මෙම නගරය නිතර භූකම්පන වලටද ගොදුරු වෙනවා.

4. Ramree Island, Burma

බුරුමයේ මෙම දුපත තුල කිඹුල් ගහනය ඉතාමත්ම ඉහල මට්ටමක පවතිනවා. ඒවගේම එය මදුරුවන් සහ ගෝනුස්සන් වැනි විෂ අධික සත්වයින්ගේ පාරාදීසයක් බවට පත්ව තිබෙනවා. එහි යන කිසිවෙකු නැවත පැමිණෙන්නේ නැති බවට කටකතාවක් පවතිනවා. දෙවෙනි ලෝක යුධ සමයේදී මෙම දුපත සටන් පිටියක්ව පැවතියා. ජපන් සොල්දාදුවන් 1000ක් පමණ එහි ගමන් කලත්, දිවි බේරී තිබුනේ 20 දෙනෙකුගේ පමණයි. අඳුර වැටෙනවාත් සමගම භයානක වන සතුන් ගොදුරු සොයා පැමිණෙන බවයි ඔවුන් පවසා තිබුනේ.

5. Villages, Florida

වයස් ගත පුද්ගලයින් සඳහාම වෙන්වූ ස්ථානයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. එහි වෙසෙන සියලු දෙනා අවුරුදු 55ට වඩා වැඩි අය වෙනවා. ඔබ තරුණයෙකු හෝ තරුණියක් නම් එම නගරයේ දොර ඔබට විවර වන්නේ නැහැ. එය වැඩිමහලු පුද්ගලයින්ට පාරාදීසයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මොකද සෑම වැඩිමහලු පිරිමියෙකුටම වැඩිමහලු කාන්තාවන් 10 දෙනෙකු පමණ සිටිනවා.

එම නගරය තුල ව්යාග්‍රා සහ වෙනත් නීති විරෝධී මත්ද්‍රව්‍යය වැඩිපුර සංසරණය වෙන බව පැවසෙනවා. සිදුකරනු ලැබූ වැටලීමකදී භයානක මත්ද්‍රව්‍ය ලගතිබී සොයාගෙන තිබෙනවා. ලිංගිකව බෝවෙන රෝග වැඩිපුරම ඇති නගරයක් ලෙසද එය හඳුන්වන්නට පුළුවන්. එපමණක් නොවෙයි, ප්‍රසිද්ධ ස්ථාන වල ලිංගිකව හැසිරීමේ නීති විරෝධී ක්‍රියාවන් බහුලවම වාර්තා වී තිබෙනවා.

ඔබ සිතන විදියට මේ අතරින් ජීවත් වීමට භයානකම ස්ථානය කුමක්ද? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!