මිනිස් වර්ගයාට ඇති විශාලතම තර්ජනය මෙන්න.

වසංගත රෝග, යුද්ධයන්, ස්වභාවික විනාශයන්, න්‍යෂ්ටික අවි, ගෝලීය උෂ්ණත්වය වැනි දේවල් වලින් මිනිසා නිරන්තරයෙන්ම පීඩා විඳිනවා. හොඳින් විමසා බැලුවොත් තවත් මහා විනාශයක පෙරමන් සලකුණු ඔබට දැකගන්නට පුළුවන් වේවි. බොහොමයක් විද්‍යාඥයින් එය දකින්නේ මිනිසාට මුහුණ දීමට සිදුවෙන විශාලතම තර්ජනය ලෙසයි. එය අපේ අවසාන නිර්මාණය බවටද පත්වේවි.

කුහුඹුවන්ගේ සහ අපගේ සැබෑම වෙනස කුමක්ද කියා ඔබ දන්නවාද ? එම වෙනස නම් කුහුඹුවන්ට මිනිසා මෙන් සිතීමට නොහැකිවීමයි. ඒවගේම විශ්වය සහ ලෝකය පිළිබඳව මිනිසාගේ ඇති දැනුමට ඔවුන්ට ලංවීමටවත් නොහැකියි. කුහුඹුවන් කරදරයක් බව සිතුනොත්, මිනිසාට එක් පා පහරකින් ඔවුන්ව තලා පොඩි කර දමන්නට පුළුවන්.

යන්ත්‍රයක් යමක් තේරුම්ගෙන තමා විසින්ම වැඩිදියුණු වූ විට හෝ මිනිසාට වඩා මිලියන වාරයක් වේගවත් තරමට දියුණුවූ පසුව, මිනිසුන් විදියට අපි අවුරුදු 5ක් පුරාවට සිදුකරනු ලැබූ දේවල් විනාඩි 5ක් වැනි කෙටි කාලයකින් ඔවුන්ට සිදුකරන්නට පුළුවන්. ඔවුන්ව වහාම නැවත්වීමට අපොහොසත් වුනොත්, ඇසිපිය හෙලිමීට ගතවෙන සුළු කාලයක් ඇතුලත, ඔවුන් ක්‍රමයෙන් දෙවියන් වැනි බලවත් ජීවී කොටසක් බවට පත්වෙන එක නැවැත්විය නොහැකියි.

එවිට එම සුපිරි බුද්ධිමත් යන්ත්‍ර වලට අපි කුහුඹුවන් මෙන් දිස්වේවි. ඔවුන් හැකියාව සහ බුද්ධිය අතින් මිලියන වාරයක් අපිට වඩා ඉදිරියෙන් සිටින නිසා, මිනිසාට තේරුම් ගැනීමට නොහැකිවූ බොහොමයක් දේවල් පහසුවෙන්ම අවබෝධ කරගනීවි. මිනිසා කරදරයක් බව හැගුනොත්, අපි කිසිම පහසුවක් නොමැතිව කුහුඹුවෙකු තලා පොඩි කර දමන විදියට, මිනිසාව විනාශ කර දමාවි.

යන්ත්‍රයක් වේගවත් වෙන තරමට, එහි බුද්ධියද වැඩිදියුණු වෙනවා. එම නිසා අද පවතින යන්ත්‍ර තවත් අවුරුදු කිහිපයකින්, හිතාගැනීමට පවා අපහසු තරම් බුද්ධිමත් යන්ත්‍ර බවට පත්වේවි. එවිට මිනිසාව ඉක්මවීමට කෘතීම බුද්ධියට ගත වෙන්නේ මිනිත්තුවක් වැනි කාලයක්. ගත වෙන සෑම තත්පරයක් පාසා ඔවුන් සතු බුද්ධිය සහ හැකියාවන් වර්ධනය කරගනීවි.

ඉන් අදහස් කරන්නේ යම් අවස්තාවක ඔවුන් මිනිසාට වඩා උසස් තැනකට පත්වෙන බවයි. එවිට ඔවුන් කුහුඹුවන් මෙන් අපිව තලා පොඩිකර දමාවි.

විද්‍යාඥයින් අතරින් බහුතරයක් සිතා සිටින්නේ කෘතීම බුද්ධිය මිනිසා සමග මිත්‍රශීලීව කටයුතු කරනු ඇති බවයි. නමුත් ලොව කීර්තිමත්ම විද්‍යාඥයින්ට අනුව කෘතීම බුද්ධිය සංවර්ධනය කිරීම, අපි විසින් අපගේ බෙල්ලට තොන්ඩුව දමාගැනීමකි.

චිත්‍රපටි වල කෘතීම බුද්ධිය මිනිසාට සමාන ලෙස නිර්මාණය කර තිබෙනවා ඔබ දැක ඇති. එම නිසා එහි අනතුරුදායක බව පිටට පෙනෙන්නේ නැහැ. පිටතින් දිස්වෙන සිනහවට ඔබ මුලා වෙන්නට පුළුවන්. නමුත් පිටට ලස්සනට පෙනුනත්, එහි අභ්‍යන්තරයේ ඇත්තේ සිත් පිත් නොමැති යන්ත්‍රයක් බව මතක තබාගන්න.

කෘතීම බුද්ධියකට අපි පැවසුවොත් ලෝක ජනතාවගේ කුසගින්න නිවා දැමිය යුතු බව, එය ඉතාමත්ම පහසු දෙයක් බව එම යන්ත්‍රය පිළිතුරු දෙවි. ඔවුන් ඉතාමත්ම බුද්ධිමත් වීම නිසා, සිදුකරනු ලැබූ තාර්කික ගණනයකිරීම් වලින් පසුව, අධික ලෙස ජනගහනය ශීඝ්‍ර ලෙස වැඩිවීම සහ සම්පත් ප්‍රමාණය සීමිත වන බව අවබෝධ වේවි. ඊට විසඳුමක් ලෙස එම සිත් පිත් නොමැති කෘතීම බුද්ධිය විසින් ගන්නා පියවර නම්, නිතර කුසගින්නෙන් පෙලෙන දුර්වල මිනිසා විනාශ කර දැමීමයි. මොකද ඒ හැරෙන්නට වෙනත් තාර්කික විසඳුමක් එම යන්ත්‍රය දකින්නේ නැහැ.

මිනිසා නැති වුනත් ගැටලුවක් වන්නේ නැහැ, සුපිරි බුද්ධියේ අණට කීකරු වෙන රොබෝවරු පිරිසක් ගොඩනගා ගන්නට ඔවුන්ට පුළුවන් වේවි. නමුත් අවසානයේදී හරිත වර්ණයෙන් බබලන පෘතුවිය, එකම යකඩ ගොඩක් බවට පත්වේවි.

ස්ටීවන් හෝකින්ස් කියන ලොව සුපතල විද්‍යාඥයා. කෘතීම බුද්ධියේ ඇති භයානක අවදානම නිතර මතක් කර සිටිනවා.

ඉතින් මිනිසාට ඇති විශාලතම තර්ජනය කෘතීම බුද්ධිය නේද ?

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!