ඇමරිකාවේ ජනගහනයෙන් 90%ක් වැනි ප්‍රතිශතයක් විනාශ කිරීමට සමත් රහස් අවිය.

උතුරු කොරියාවට ඇමරිකාව අරාජික කිරීමට ඇමරිකාවේ ප්‍රදාන නගරයකට ප්‍රහාරයක් එල්ලකිරීමටම අවශ්‍ය වන්නේ නැහැ. ඇමරිකාවට ඉහල වායුගෝලය තුලට විශාල විද්‍යුත් චුම්භක ස්ඵන්දනයක් සැපයීමෙන් එය පහසුවෙන්ම සිදුකරන්නට පුළුවන්.

එක් විශේෂෂඥයෙකු ඇමරිකානු කොන්ග්‍රසයට අනතුරු අගවමින් පවසා සිටියේ, උතුරු කොරියාව විසින් එල්ල කරන විද්‍යුත් චුම්භක ප්‍රහාරයකින්, ඇමරිකානු ජනගහනයෙන් සියයට 95ක් වැනි ප්‍රතිශතයක් විනාශයට පත්කළ හැකිබවයි.

උතුරු කොරියාව තම න්‍යෂ්ටික අවිවල නිවැරදිතාවය පිළිබඳව එතරම් ජනප්‍රිය නැහැ. නමුත් ඇමරිකාව විනාශ කරන්නට නිවැරදි ඉලක්කයටම ප්‍රහාරයක් එල්ලකිරීමට අවශ්‍ය නැහැ. සබ්මැරීනයකින්, නෞකාවකින් සහ චන්ද්‍රිකාවක් මගින් කෙටිදුර මිසයිලයක් නිකුත් කිරීමෙන් විශාල විනාශයක් සිදුකල හැකියි.

න්‍යෂ්ටික අවි විශේෂඥයෙකු වගේම හිටපු CIA නිලධාරියෙකු වූ පීටර් වින්සන්ට් මහතා පවසා සිටින පරිදි, විද්‍යුත් චුම්භක ස්ඵන්දන ප්‍රාහාරහයකින් ඇමරිකානු ජනගහනයෙන් සියයට 90ක් වැනි ප්‍රතිශතයක් විනාශ කරදමන්නට පුළුවන්.

එම ප්‍රහාරයෙන් විදුලි බල ජාල පද්ධතිය අවුරුදු ගණනාවකට විසන්ධි කොට, විශාල අර්බුදයක් ඇමරිකාව තුල ඇතිකිරීමට හැකියාව තිබෙනවා. මිලියන 360ක් වූ ජනතාවට දෛනිකව විදුලිබලය අවශ්‍ය වෙනවා. විදුලි බලය නොමැති වුනොත් දුරකථන ජාල පද්ධතිය, ට්‍රැෆික් ලයිට්ස්, වායු සමනය සහ තාපනය වැනි දේ සියල්ල අක්‍රීය වෙනවා.

ඒවගේම EMP ප්‍රාහරයකදී, ඇමරිකාව තුල වූ සියලු ආහාර වෙළඳ සැල් දින 3කින් සම්පූර්ණයෙන්ම හිස්වේවි. ඒවගේම විකිරණ වල බලපෑම නිසා ආහාර සැපයුමද සම්පූර්ණයෙන්ම ඇනහිටීවි. විශේෂඥයින් අනතුරු අගවමින් පවසා සිටින්නේ එවැනි තත්වයක් ඇතිවුනොත්, ඇමරිකානු ජනගහනයෙන් සියයට 90ක් වැනි ප්‍රතිශතයක්, අවුරුද්දක් ඇතුලත කුසගින්නෙන් මියයනු ඇති බවයි.

පොලවේ සිටින මිනිසුන් පමණක් නොවෙයි ගුවන් ගමන් සහ ගුවන් ගමන් පරිපාලන විද්‍යුත් උපකරණ පවා සියල්ලම අක්‍රීය වෙනවා. ඉන් අදහස් කරන්නේ එම මොහොතේදී ගුවන් ගතව සිටින සියලු දෙනා මරණයට පත්වෙන බවයි. ඕනෑම අවස්තාවක උතුරු කොරියාවට ඉහල අහසේ ලක්ෂ 5කට ආසන්න පිරිසක් ගුවන් ගතව සිටිනවා.

ඇතැම් විශේෂඥයින් නම් පවසන්නේ උතුරු කොරියාවට මෙවැනි ප්‍රහාරයක් දියත් කිරීමට හැකියාවක් නොමැති බවයි. නමුත් සතුරා දුර්වල බව සිතීම එතරම් ගුණදායක වන්නේ නැහැ නේද ?

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!