මරණයට පත්වූ පසුවත් මොලය ක්‍රියාත්මකව පවතින බව හෙළිවෙයි!

NYU වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් අපුරු සොයාගැනීමක් සිදුකර තිබෙනවා. එනම් ඔබේ සිරුරේ ජීවය පිළිබඳව කිසිම සලකුණක් නොමැති වුනත් මොලය ක්‍රියාත්මකව පවතින බවයි. ඉන් අදහස් කරන්නේ හර්දස්පන්දනය නැවතුනත් ඔබට සිහිසුන් ඇතිබවයි.

NYU වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් Cardiac Arrest තත්වයෙන් පීඩා විඳි පුද්ගලයින් පිරිසක් පරික්ෂාවට ලක් කරා. ඔවුන් සායනික වශයෙන් මරණයට පත්ව සිටි අය වුනත්, පසුව නැවත පණලබා තිබුනා.

සායනික වශයෙන් මරණයට පත්ව සිටි එම පුද්ගලයින්ට වෛද්‍යවරු සහ හෙදියන් අතර සිදුවූ කතාබහ ශ්‍රවනයවී තිබූ අතර, අවට සිදුවුණු දෙය හොඳින් දර්ශනයවී තිබෙනවා. ඔවුන් පැවසු එම සියලු තොරතුරු වෛද්‍යවරුන් සහ හෙදියන් විසින් සත්‍ය බවට සනාත කර තිබුනා.

පුද්ගලයෙකු මියගිය බව සලකන්නේ හර්දස්පන්දනය සහ මොලයට රුධිරය සැපයීම නතරවුණු පසුවයි. මොලයට රුධියර නොලැබෙන විට මොලයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අක්‍රීය වෙනවා. ඒවගේම මොලයේ සෛලද මරණයට පත්වෙනවා. ඒ සඳහා පැය ගණනක් පමණ ගතවෙනවා.

මරණයට පත්ව නැවත සිහිය ලැබූ පුද්ගලයින්, විශාල උමගක් කෙලවර ආලෝකයක් වැනි යමක් දුටු බව බොහෝ විට පවසන්නේ, මරණයට පත්වුණු පසුවත් මොලය ක්‍රියාත්මකව පවතින නිසා විය හැකියි.

ඇතැම් පර්යේෂණ වලදී සනාථවී තිබෙන පරිදි, මරණයට පත්වෙන විට ඔබේ මොලය තුල විශාල ශක්තියක් ක්‍රියාත්මක වෙනවා.

2013 වර්ෂයේදී මිචිගන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක්, මීයන් තුල කෘතීමව හර්දස්පන්දනයක් ඇති කොට ඔවුන් පරික්ෂාවට ලක්කර තිබුනා. සායනික වශයෙන් මරණයට පත්ව සිටියත් ඔවුන්ගේ මොලය තුල විද්‍යුත් සඥාවන් සක්‍රීයව පැවතිබව එහිදී හෙළිවුණා.

මෙම පර්යේෂණයන් සත්‍ය නම්, අපි මරණයට පත්වූ පසුවත් අපි තුල සිහිය පවතිනවා. ඇතැම්විට අපි සියලු දෙනා මරණයට පත්වූ පසුව යම් අද්භූත ක්‍රියාවලියකට භාජනය වෙන බව සිතිය හැකියි. අපි දැන් මරණයට පත්ව සිටින බව අපිට හොඳින්ම දැනෙනවා ඇති.

ඈත විශ්වයේ වූ මන්දාකිනි සහ තාරකාවන් පිළිබඳව උනන්දු වෙන විද්‍යාඥයින්, මිනිස් සිරුරේ ක්රියාකාරීත්වයවත් හරියට නොදැන සිටීම පුදුමයට කරුණක් නේද ?

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!