ඔබේ කට ගඳ ගහන එකට හේතුව මෙන්න

කට ගඳ ගැසීම එසේත් නොමැති නම් දුර්ගන්ධ ශ්වාසය යනු බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් කිරීම සඳහා හේතුවී තිබෙන සෞඛ්‍යය තත්වයක්. ඔබ කොපමණ උත්සහ කලත් ඇතැම්විට එම තත්වය සමනය කරගන්නට නොහැකි වෙන්නට ඇති.

මොකක්ද හේතුව ?

ගලග්‍රන්ථිය මත ඇතිවී තිබෙන ගල් නිසා තමයි බොහෝ විට කට ගඳ ගැසීම කියන තත්වය ඇතිවන්නේ

මුව විවර කොට හොඳින් පරික්ෂා කර බැලුවොත් ඔබේ ගලග්‍රන්ථිය මත සුදු පැහැති තිත් වගයක් ඔබට දැකගන්නට ලැබේවි. ඔබේ කට ගඳ ගසනවානම් ඒ සඳහා වගකිවයුතු වන්නේ එයයි. එම ගල් විසින් සල්ෆර් වැනි පිළිකුල් ගන්ධයක් නිකුත් කරනවා.

ඒ ඔබ ඉහතින් දුටුවේ කට ගඳ ගැසීම ඇතිකිරීම සඳහා කටයුතු කරන ගල් විශේෂයි. එය ඉවත් කරගත්තොත් ඔබේ ප්‍රශ්නයත් සාර්ථකව විසඳේවි.

එය සෙම, බැක්ටීරියා සහ ආහාර වලින් සමන්විත ගුලියක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

එම සමුහය දැඩි ස්වභාවයකට පත්වූ විට කට ගඳ ගැසීම පමණක් නොවෙයි ආහාර ගිලීමේදී වේදනාවක් දැනීම වැනි තත්වයන්ද ඇතිවිය හැකියි.

බොහෝ විට ඒවා පහසුවෙන් ඉවත් කරන්නට හැකියාව තිබුනත්, ඇතැම්විට සුළු ශල්‍යකර්මයක අවශ්‍යතාවයක් මතුවෙන්නටත් පුළුවන්.

මෙම පහත වීඩියෝවේ දිස් වෙන ආකාරයටත් ඔබට එය සිදුකරන්නට පුළුවන්. එය සිදුකරන්න පහත වීඩියෝව නරඹන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!