විශ්වයේ විශාලතම අභිරහස මෙන්න!

ඔබ විද්‍යාවට ඇලුම් කරන කෙනෙක් නම් ඩාක් මැටර් කියන වචනය පිළිබඳව නොදැන ඉන්නට ඉඩක් නැහැ. නමුත් එම සරල වචනය තුල ගැබ්ව තිබෙන ගැඹුරු අරුත දන්නේ ඉතාමත්ම සුළු පිරිසක් පමණයි. නාසා ආයතනයේ වූ විද්‍යාඥයින් පවා ඒ පිළිබඳව වැඩියමක් දන්නේ නැහැ. එම නිසා එය විශ්වයේ වූ විශාලතම අභිරහස ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඩාක් මැටර් පිළිබඳව ගවේෂණය කිරීමට හැකි සංකීර්ණවූ විශාල උපකරණ නිපදවීමට, ඇමරිකාව තුල සහ යුරෝපා රටවල් තුල බිලියන ගණනින් මුදල් වැය කරනවා. විශ්වයේ වූ මෙම අඳුරු පදාර්ථය කුමක්ද කියන්න දන්නේ නැතුව, එය සොයාගත හැකි ස්ථානය අපි දැනගන්නේ කෙසේද ?

ඩාක් මැටර් ලෙස හඳුන්වන අභිරහස් පදාර්ථයක් විශ්වයේ ඇති බව අපි පළමු වරට දැනගත්තේ මෙහෙමයි. අපි එය සරලව පැහැදිලි කරගැනීමට උත්සහ කරමු.

පෘතුවිය සමග කක්ෂගතවී සිටින චන්ද්‍රිකාවක් අපි සතුව තිබෙනවා කියා සිතමු. පෘතුවියේ ගුරුත්වයට වඩා චන්ද්‍රිකාවේ වේගය වැඩි කරොත්, එය පෘතුවියෙන් ගිලිහී අභ්‍යවකාශය වෙත විසිවී යනවා. පෘතුවිය වටා කක්ෂගතවිය හැකි උපරිම වේගය තත්පරයට කිලෝමීටර් 11යි. අප පෘතුවිය සිය ගුණයක වැඩි බරකින් යුක්තයි නම්, ඉහත සඳහන් කරනලද උපරිම වේගයට වඩා 10 ගුණයක වේගයකින් ඉහත චන්ද්‍රිකාවට පෘතුවිය වටා කක්ශගත විය හැකියි.

වස්තුවක බර වැඩිවෙනවාත් සමගම එය වටා කක්ෂගත වෙන වස්තුවට වැඩි වේගයක් ලබාගන්නට පුළුවන්. තාරකා විද්‍යාඥයින් ඈත විශ්වයේ වූ මන්දාකිනි වල ස්කන්ධය මැනබලන්නේ එහෙමයි.

ෆ්‍රිට්ස් විකී කියන තාරකාවිද්‍යාඥයා 1930 දශකයේදී එවැනි සංසිද්ධියක් විමර්ශනය කළා. මන්දාකිනි පොකුරකවූ එක් එක් මන්දාකිනි වල ප්‍රවෙගයන් පරික්ෂා කිරීමේදී, එය බලාපොරොත්තු වුනු වේගයට වඩා සිය ගුණයක වැඩි වේගයකින් චලනය වෙන බව ඔහුට පෙනීගොස් තිබුනා. ඉන් පෙනී යන්නේ අපිට නොපෙනෙන අමතර ස්කන්ධයක් එහි සැගවී ඇති බවයි. ඩාක් මැටර් කියන අබිරහස් පදාර්ථයක් පිළිබඳව පළමු වරට ලෝකයේම අවදානය යොමුවුණේ එහිදීයි.

පසුව 1972 වර්ෂයේදී තාරකාවිද්‍යාඥයින් දෙදෙනෙක්, ඇන්ඩ්රොමීඩා මන්දාකිනියේ වූ තාරකාවන් වල භ්‍රමණ වඩාත් ගැඹුරින් අධ්‍යයනය කරා. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, ඉන් හෙළිවූ දේවල් වලින් තාරකා විද්‍යාව තුල විප්ලවීය වෙනසක් සිදුවුනා. ඇන්ඩ්රොමීඩා මන්දාකිනියේ වූ තාරකාවන් සිතාගැනීමට පවා අපහසු තරම් වේගවත් බව එහිදී හෙළිවී තිබුනා. එම දීප්තිමත් තාරකාවන් පිටුපස අපිට නොපෙනෙන අභිරහස් අඳුරු පදාර්ථයක් සැගවී ඇති බව නැවත වරක් වැඩිදුරටත් සනාතවුනා.

තාරකාවන් වල භ්‍රමණ වේගය දෙස අවදානය යොමුකරන විට, එක් තාරකාවක් එම මන්දාකිනියේ වූ සියලුම තාරකාවන් වලට වඩා වැඩි ස්කන්ධයකින් යුතු බව අනුමානය කරන්නට පුළුවන්. මෙම තත්වය අනෙක් සියලුම මන්දාකිනි වලට පොදු කරුණක් බව පසුව විද්‍යාඥයින්ට අවබෝධ වුනා. මොකද පෙනෙන්නට තිබෙන දීප්තිමත් ස්කන්ධයට වඩා වැඩි බරකින් යුතු අභිරහස් ස්කන්ධයක් එම තාරකාවන් තුල සැගවී තිබෙනවා. අද වන විට නම් ඩාක් මැටර් ලෙස හඳුන්වන අභිරහස් පදාර්ථයක් විශ්වයේ ඇති බව සනාත වී ඉවරයි.

එය අපිට දර්ශනය නොවුනත් එහි ස්කන්ධයේ වූ ගුරුත්වාකර්ෂණ බලපෑම නම් දර්ශනය වෙනවා. ඇතැම් විට එය විශ්වය පුරා පැතිර පවතින වායුවක් හෝ දුහුවිලි වියහැකියි.

නමුත් එවැනි වලාවන් සහ දුහුවිලි සැමවිට විකිරණ පිටකරනවා. මෙම පින්තූරයෙන් ඔබ දකින්නේ දුහුවිලි වලාවන් වලින් පිටකරන විකිරණ ආලෝකයන්. ඒවගේම එම වායුන් සහ දුහුවිලි නිර්මාණය වන්නේ මන්දාකිනි තුලයි. නමුත් සිදුකරනු ලැබූ ගණනයක් කිරීම් වලින් සහ අධ්‍යයනයන් වලින් හෙළිවී තිබෙන පරිදි, මෙම අභිරහස් පදාර්ථය දර්ශන සීමාවන් ඉක්මවමින් ආලෝක වර්ෂ දහස් ගණනක් ඈතට විහිදී පවතිනවා. එම නිසා එය වායුවක් හෝ දුහුවුලි වලාවක් බව කියන මතය දැඩිව ප්‍රතික්ෂේප වෙනවා.

ඒවගේම මෙම අභිරහස් පදාර්ථය ට්‍රිලියන ගණනක්වූ මියගිය තාරකාවන් වල මළ සිරුරු සමුහයක් විය හැකි බවටද මතයක් තිබෙනවා. ඒවා ඉතාමත්ම කුඩා දුර්වල ඒවා වීම නිසා අපිට දර්ශනය නොවෙනවා වෙන්න පුළුවන්. සුදු වාමනයන්, නියුට්‍රෝන තාරකාවන් එසේත් නොමැති නම් කළු කුහරයන් විය හැකියි. නමුත් ඉහත සඳහන් කරන ලද එම සියලුම මත මේ වනවිට කුණු කූඩයට විසිවී හමාරයි.

අද වන විට  අපිට සිතීමට ඉතුරුව තිබෙන්නේ එම පදාර්ථයන්, අපි දන්නා ප්‍රෝටෝන්ස් සහ ඉලෙක්ට්‍රෝන්ස් අණු වලින් ඔබ්බට ගිය, ආගන්තුක වෙනත් අණු වලින් සමන්විත ඒවා බවයි. එම අණු අපිට දර්ශනය නොවෙන්නේ ආලෝකය සමග කිසිම ආකාරයකින් අන්‍යෝන්‍ය ලෙස බල නොපවත්වන නිසයි. ඒවගේම එම අණු වලට ආලෝකය අවශෝෂණය කරගැනීමට හෝ විහිදුවාලීමට නොහැකි බව සිතියහැකියි.

නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, නියුට්‍රීනෝ ලෙස හඳුන්වන එවැනි අණු විශේෂයක් මේ වන විටත් විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. එම අති සැහැල්ලු අණු මේ හැම තැනකම දැකගන්නට පුළුවන්. මේ මොහොතේදීත් බිලියන ගණනක්වූ නියුට්‍රිනෝ අණු ඔබේ ශරීරය හරහා ගමන් කරනවා ඇති. නමුත් එවැන්නක් සිදුවෙන බව ඔබට කිසිසේත්ම දැනෙන්නේ නැහැ. මොකද , එම අණු කිසිවක් සමග අන්‍යෝන්‍ය වශයෙන් බලපවත්වන්නේ නැහැ. ඒවගේම ආලෝකය අවශෝෂණය කරගැනීම හෝ විහිදුවාලීමද සිදුකරන්නේ නැහැ. එම නිසා ඩාක් මැටර් යනු නියුට්‍රිනෝ අණු විශාල සමුහයක එකතුවක් බව අනුමාන කලහැකියි. නමුත් එම නියුට්‍රිනෝ අණු වල ස්කන්ධය දෙස අවදානය යොමු කරන විට, එය ඩාක් මැටර් වීමට ඉඩක් නැති බව සනාත වෙනවා.

එසේනම් මෙම අභිරහස් අඳුරු පදාර්ථය කුමක්ද ? විද්‍යාඥයින් කොතෙකුත් උත්සහ  කලත් එය තවමත්  අභිරහසක් පමණයි.

මොහොතක් සිතන්න විශ්වයේ වූ විශාලතම අභිරහස ලෙස මෙය හැඳින්වූවාට වරදක් නැහැ නේද ?

මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට නොදුටු ලෝකය සමග රැඳී සිටින්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!