කාන්තාවන් වර්ගයා බෝකරන එක නතර කරොත් ?

කාන්තාවන් වර්ගයා බෝකරන එක නතර කලොත් කුමක් සිදුවේවිද ? එය මානව වර්ගයාගේ අවසානය වේවිද ? කාන්තාවන්ට දරුවන් සෑදීමට නොහැකි ලෝකය මොනවගේ වේවිද ? අද අපි ඒ පිළිබඳව කතා කරමු.

මෙම කරුණ චිත්‍රපටි වලට සහ නවකතා වලටද වස්තු විෂය වී තිබුනා. චිල්ඩ්රන් ඔෆ් මෙන් එවැනි චිත්‍රපටියකි. ලෝකයට අත්වෙන අඳුරු සහ භයානක ඉරණම එහි පැහැදිලිව විස්තර කර තිබෙනවා.

මෙහිදී ඇත්තටම ප්‍රධාන සිදුවීම් දෙකක් සිදුවිය හැකියි. කාන්තාවන්ට තවදුරටත් දරුවන් සෑදීමට නොහැකි නම්, ජන සමාජය බිඳවැටෙන්නට පුළුවන්. ඒවගේම මිනිස් වර්ගයා වඳවීමේ තර්ජනයටද මුහුණදිය හැකියි.

ජනගහනය අඩුවෙන විට වෙළඳපොළද අඩුවීමක් සිදුවෙනවා. එහි අවසාන ප්‍රතිපලය ලෙස ගෝලීය ආර්ථිකය බිඳවැටීම ඇරඹෙනවා. එහි බලපෑමට ලක්වෙන මිනිසුන්ගේ ජීවන රටාවද කණපිට පෙරළෙනවා. කාර්යබහුල ජීවිතයක් ගතකරපු අය ගම්බදව සාමකාමී සන්සුන් ජීවිතයකට පෙළඹේවි.

එපමණක් නොවෙයි, ජන සමාජය තුල විශාල විනාශයන් පවා දැකගත හැකියි. ලෝක දේශපාලනය බිඳවැටෙන අතර රටවල් පොලිස් රාජ්‍යයන් බවට පත්වේවි. අනවසර සංක්‍රමණික ගැටලුව උග්‍ර අතට පත්වෙන්නත් පුළුවන්. අලුත උපන් බලු පැටවුන් කුඩා දරුවන් මෙන් සුරතල් කිරීමට මිනිසුන් පෙළඹේවි. වයස්ගත පුද්ගලයින් සමාජයට දැඩි බරක් බවට පත්වේවි.

අද දියුණු තාක්ෂණයක් පවතින නිසා මීට විද්‍යාත්මක විසඳුමක් සෙවීමට විද්‍යාඥයින්, දැඩි ලෙස වෙහස මහන්සි වෙනවාට කිසිම සැකයක් නැහැ. බයෝනික් ශාරීරික කොටස්, කෘතීම හදවත්, කෘතීම මොලයන් සාමාන්‍යය දෙයක් බවට පත්වෙන නිසා, මිනිසා බාගයක් මිනිසෙක් බාගයක් යන්ත්‍රයක් බවට පත්විය හැකියි.

ස්ටෙම් සෙල් පර්යේෂණයන් සඳහා පනවාතිබු සීමාවන් ඉවත්වීමත් හේතුවෙන්, ලොවපුරා වෙසෙන විද්‍යාඥයින් මෙම ගැටලුව සඳහා සාර්ථක විසඳුමක් සෙවීමට වෙහෙසේවි. ඇතැම්විට අලිංගික ක්‍රමවේදයකට වර්ගයා බෝකිරීමට හැකියාව තිබෙන්නට පුළුවන්. Somatic Cell Nuclear Transfer වැනි ක්‍රමවේදයන් මගින්, විද්‍යාගාර තුල කෘතීම ක්‍රමවේදයකට දරුවන් බිහිකරන්නට පුළුවන්.

ක්ලෝනීකරණය තාක්ෂනය පවා යතාර්ථයක් බවට පත්කරන්නට බැරි නැහැ. මිනිස් ක්ලෝනීකරණය සදාචාර හේතූන් මත තහනමට ලක්කර තිබෙනවා. නමුත් වෙනස් විකල්පයක් නොමැති වුනොත් ක්ලෝනීකරණය සඳහා පවතී සීමාවන් ඉවත්වේවි.

කෘතීම බුද්ධියෙන් සමන්විත රොබෝවරු මිනිසා වෙනුවට හොඳ විකල්පයක් ලෙස සිතුවොත්, එම රොබෝවරු විසින් යම්දිනක ලෝකයේ පාලන බලය අතට ගන්නටත් පුළුවන්.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!