කට ගඳ ගහනවානම් ඔබටත් මෙම බරපතල ලෙඩරෝග ඇති

දුර්ගන්ධ ශ්වාසය එසේත් නොමැති නම් කට ගඳ ගැසීම කියන තත්වය ඇතැම් බරපතල රෝගී තත්වයන් සමග සම්බන්ධවී පවතින්නට පුළුවන් බව වෛද්‍යවරුන් විසින් සොයාගෙන තිබෙනවා.

මුඛයෙන් පිටවෙන ශ්වාසය මගින් ලෙඩරෝග හඳුනාගැනීමට හැකියාවක් තිබෙන බව ඈත අතීතයේ විසු දාර්ශනිකයෙක් වන හිපොක්‍රටීස් පවා විශ්වාස කර තිඛෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එම නිසා එය අලුත් දෙයක් නම් නොවෙයි.

වෝල් ස්ට්‍රීට් ජර්නලය විසින් මෑතකදී ප්‍රකාශයට පත්කරනු ලැබූ වාර්තාවක සඳහන් වෙන පරිදි, මුඛයෙන් පිටවෙන ශ්වාසයේ ඇති රසායනික සංයෝගයන් හඳුනාගැනීමට තරම් අද තාක්ෂනය දියුණු මට්ටමක පවතිනවා.

1. දියවැඩියාව

ඔබේ මුවෙන් පිටවෙන හුස්ම වල පලතුරු ගන්ධයට සමාන ගන්ධයක් (කෙටෝසිඩෝසිස්) පවතිනවානම් ඉන් අදහස් කරන්නේ බරපතල දියවැඩියා රෝගී තත්වයකට ඔබ ගොදුරුවී සිටින බවයි.

සීනි වෙනුවට ශක්තිය නිපදවීම සඳහා මේදය භාවිතා කිරීමේදී කීටෝන්ස් ලෙස හඳුන්වන රසායනිකය ශරීරය තුල නිෂ්පාදනය වෙනවා. එම රසායනිකය ශරීරය තුල පිරී පවතින නිසා එවැනි ගන්ධයක් හුස්ම සමග පිටවෙන්නට පුළුවන්.

දියවැඩියාවෙන් පීඩා විඳින තත්වය සහ සීනි බිඳහෙලීමට ප්‍රමාණවත් වෙන තරම් ඉන්සියුලින් ප්‍රමාණයක් ශරීරය තුල නොමැතිවීම කියන තත්වයද මෙම සුවිශේෂී ගන්ධය මගින් හඳුනාගන්නට හැකියාව තිඛෙනවා.

2. පෙනහළු පිළිකා

ඇතැම් සත්වයින්ට දියවැඩියාව වැනි සමහරක් රෝගී තත්වයන් ඉවකිරීමේ සුවිශේෂී හැකියාවක් පවතිනවා. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, එවැනි සුවිශේෂී ගන්ධයන් ඉව කිරීමට හැකියාව තිබෙන ඉලෙක්ට්‍රොනික නාසයක් සංවර්ධනය කිරීමට වෛද්‍යවරුන් මේ දවස් වල වෙහෙසෙනවා.

ඉන් ඇත්තමට සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ එකිනෙකට වෙනස් වාෂ්පශීලී කාබනික සංයෝගයන් වෙන්කොට හඳුනාගැනීමටයි.

පෙනහළු පිළිකාවන් සමග සම්බන්ධවී පවතින වාෂ්පශීලී කාබනික සංයෝගය කුමක්ද යන්න නිවැරදිවම හඳුනාගැනීමට පර්යේෂකයින් සමත් වී නැහැ, නමුත් මෑතකදී සිදුකරනු ලැබූ නවතම අධ්‍යයනයන් විසින් ඉලෙක්ට්‍රොනික නාසයන් වලට එම හැකියාව පවතින බව පෙන්වා දී තිබෙනවා. තවත් නොබෝ දිනකින් එම තාක්ෂනය වැඩිදියුණු වී වෛද්‍ය ක්ෂේස්ත්‍රයට පැමිණෙනවාට කිසිඳු සැකයක් නැහැ.

3. වකුගඩු අකර්මන්‍ය වීම

රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ක්‍රියාකරන වකුගඩු අක්‍රීය වුනොත්, අපද්‍රව්‍ය සහ විෂද්‍රව්‍ය ශරීරය තුල එක්රැස් වී ශ්වසන පද්ධතිය හරහා නිදහස් වෙනවා.

බොහෝ කාලයක් වකුගඩු අකර්මන්‍ය වී පැවතීම හේතුවෙන් මුත්‍ර, මාළු සහ ඇමෝනියා ගන්ධයට සමාන ගන්ධයක් ශ්වාසය සමග පිටවෙන්නට ඉඩ තිඛෙන බව පර්යේෂණ ගණනාවක් මගින්ම පෙන්වා දී තිඛෙනවා.

4. තරභාරුකම

තරභාරුකම වර්ධනය වීම දර්ශනය කර සිටින දර්ශකයක් ලෙස ශ්වාස ගන්ධය භාවිතා කරන්නට හැකියාව තිබෙනවාද යන්න තහවුරු කරගැනීම සඳහා පර්යේෂණයක් සිදුකර තිබුනා.

යමෙකුගේ හුස්ම වල මීතේන් වැනි විශේෂිත වායුන් අන්තර්ගත වී තිබෙනවානම් ඔහුගේ ශාරීරික ස්කන්ධ දර්ශක අගය ඉහල අගයක් ගන්නවා. එපමණක් නොවෙයි ශරීරය තුල මේදය වැඩි ප්‍රතිශතයක් පැවතීමටද ඉඩතිඛෙන බව එම පර්යේෂණයෙන් වැඩිදුරටත් සනාථ වී තිඛෙනවා.

5. හදවත අකර්මන්‍ය වීම

සරල විකල්ප ක්‍රමවේදයක් මගින් හදවත අකර්මන්‍ය වීමේ සෞඛ්‍යය තත්වය හඳුනාගැනීමට හැකි බව 2012 වර්ෂයේදී සිදුකරනු ලැබූ අධ්‍යයනයක් මගින් පෙන්වා දී තිබෙනවා.

නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි. එම පර්යේෂණයෙන් වැඩිදුරටත් සනාථ වී තිබුනේ හදවත අකර්මන්‍ය වීමකදී ඊට ආවේනික ගන්ධයක් ශ්වාසය සමග පිටවෙන බව සහ එය පරික්ෂා කර බැලීමෙන් හදවත අකර්මන්‍ය වීමේ රෝගී තත්වය හඳුනා ගැනීමට හැකියාව ඇතිබවයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!