නිදියන විට කරපු වරදක් නිසා ඔහුට සිදුවුණු දෙය බලන්න

සුරතල් සතුන්ට දක්වන අපිරිමිත සෙනෙහෙස සහ ආදරය නිසාම බොහෝ දෙනෙක් තමන්ගේ නිදන ඇඳ පවා සුරතල් සතුන් සමග පවා බෙදාගැනීමට පෙළඹෙනවා. නමුත් එමගින් ඇතිවිය හැකි භයානක ඵලවිපාක පිළිබඳව දැනසිටියා නම් ඔවුන් එම වරද නැවත කවදාවත් සිදුකරන එකක් නැහැ.

එමගින් වැඩි බලපෑමක් ඇතිවන්නේ කුඩා දරුවන්ට සහ දුර්වල ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයින්ටයි. සුරතලයට ඇතිකරන සත්වයින්ගේ ශරීර වල වෙසෙන පරපෝෂිතයින්ගෙන් තමයි මෙම භයානක අවදානම පැන නගින්නේ. ඇමරිකාවේ නවතම සංඛ්‍යාලේඛන වලට අනුව සුරතල් සතුන් විදියට බළලුන් ඇතිකරන පුද්ගලයින් අතරින් සියයට 62ක් තරම් වූ පිරිසක්ද, සුරතල් සතුන් විදියට සුනඛයින් ඇතිකරන පිරිස අතරින් සියයට 56ක් තරම් වූ පිරිසක්ද හැමදාම එම සතුන් සමග නිදියනවා.

බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය, ප්‍රංශය සහ ජපානය වැනි රටවලද එවැනිම නැඹුරුවක් පවතිනවා. පෙනෙන විදියට එය මුළු ලෝකයටම අදාළ සංසිද්ධියකි. ඔබ බුද්ධිමත් නම් සුරතල් සතුන්ගෙන් ඔබට මෙවැනි සෞඛ්‍ය අවදානමක් ඇතිවෙන්නට කිසිඳු ඉඩක් නැහැ. සුරතල් සතෙක් තම නිදන ඇඳ මතට ගන්නට පෙර දෙවරක් සිතන්නට අමතක කරන්න එපා. එය ඔබට පමණක් නොවෙයි ඔබේ මුළු පවුලටම බරපතල සෞඛ්‍යය අවදානමක් ගෙන එන බව හොඳින් මතක තබාගන්න

1.Ringworm

මෙය ස්පර්ශයෙන් වුනත් බෝවෙන ආසාදන තත්වයක්. Ringworm බීජානු වලට ධාරකයෙකූ නොමැති වුනත් මාස ගණනක් නොනැසී සිටිය හැකියි. එම ආසාදන තත්ත්වය ඔබට වැළඳුනොත් ඔබේ සම මත රතු පැහැති රවුම් ලප දැකගන්නට පුළුවන්.

2. Roundworm

රවුන්ඩ්වර්ම් යනු බළලුන්ගේ ශරීර අභ්‍යන්තරයේ වෙසෙන පොදු පරපෝෂිත විශේෂයකි. එම පරපෝෂිතයින් අගල් 4ක් තරම් දිගව වැඩෙනවා. එම ආසාදන තත්වයට නිවැරදිව ප්‍රතිකාර නොකරොත් ඔබේ ඇස් අන්ධ වීමේ අවදානකමක්ද තිබෙනවා. කැස්ස, හුස්මේ කෙටි බව, උදරයේ වේදනාව සහ රුධිරය මිශ්‍රිත මලපහ රෝග ලක්ෂණයන් වශයෙන් හඳුන්වන්නට පුලුවන්.

3. Hookworms

මෙම පණු විශේෂය සුනඛයින්ගේ බඩවැල් බිත්ති වලට ඇලී ගැලී වෙසෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස අධික ලෙස රුධිරය වහනයවී සුනඛයින්ට ජීවිත අවදානමක් පවා ඇතිවය හැකියි. සුනඛයින්ගේ මලපහ වල එම පණු විශේෂයේ බීජානු පවතින අතර, සම හරහා සුරතල් සතුන් හිමියන්ට එය ආසාදනය වෙන්නට පුළුවන්. එය වැළඳුනු විට කසන කුෂ්ට, කැස්ස, උදාර වේදනාව, ලේ මදිකම සහ ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ දැකගන්නට පුළුවන්.

4. Giardia

මෙම ඒක සෛලීය ජීවියා බළලුන්ට වඩා සුනඛයින් තුල දැකගන්නට පුළුවන්. ගංගා, විල් සහ පොකුණු වැනි ජලජ පරිසර වල මෙම සත්වයින් විශාල වශයෙන් වෙසෙනවා. එය වැළඳුනු විට සත්වයින්ට මෙන්ම මිනිසුන්ටද පාචනය වැළඳෙනවා.

5. Cat Scratch Disease

bartonella ලෙස හඳුන්වන රෝගකාරක විෂබීජ බළලුන්ගේ දිග නියපොතු තුල සැගවී සිටිනවා. එම නිසා බළලෙකුගේ එක් සීරීමකින් එය ඔබට බෝවෙන්නට පුළුවන්. බළලුන් අතරින් සියයට 40ක් තරම් පිරිසක් සතුව එම විෂබීජය පවතින බව පැවසෙනවා. සූරනු ලැබූ ස්ථානය මත රතු ගැටිති ඇතිවෙන අතර  වසා ගැටිති, උණ හිසරදය, තෙහෙට්ටුව, සන්ධි වේදනාව , සමේ රෝගී තත්වයන් සහ ශරීරයේ බරද අසාමාන්‍යයලෙස අඩුවෙන්නට පුළුවන්.

මෙන්න මෙම හේතූන් නිසා තමයි ඔබ කිසිවිටෙක ඔබේ නිදන ඇඳ සුරතල් සතුන් සමග බෙදා ගැනීමෙන් වැළකී සිටිය යුත්තේ.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!