විශ්වය තුලින් හමුවූ විශාල රත්‍රන් සැපයුම විශ්මිත සංසිද්ධියක ප්‍රතිපලයකි

විශ්වය මහා පුදුමාකාර දෙයක්. අපිට තවමත් සොයාගැනීමට නොහැකිවූ බොහෝ දේවල් මෙම විශ්වයේ සැගවී පවතිනවා. අද අපි ඔබව දැනුවත් කරන්නේ විශ්වයෙන් මුණගැසුණු එවැනි අපූරු සිදුවීමක් පිළිබඳවයි.

ඊයේ දිනයේදී විද්‍යාඥයින්ට විශ්වයේ ඈත කොටසින් අපූරු දෙයක් දර්ශනය වුනා. එනම් අති විශාල රත්‍රන් සැපයුමකී.

එය අති විශාල නියුට්‍රෝන තාරකාවන් දෙකක ඝට්ටනයක විශ්මිත ප්‍රතිපලයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඉන් පිටවූ ගුරුත්ව තරංගයන් සහ විකිරණ ආලෝකයන් පෘතුවියේ සහ අභ්‍යවකාශයේ වූ බලවත් පරීක්ෂක උපකරණ වලට සහ දුරේක්ෂයන්ට හසුවී තිබුනා.

එම නියුට්‍රෝන තාරකා ඝට්ටනය සිදුවී තිබුනේ මීට වසර මිලියන 130කට පමණ පෙරයි. ඉන් පිටවූ තරංගයන් සහ ආලෝකයන් අපි වෙත ලගාවීමට මෙතරම් කාලයක් ගතවුනේ, එය අපිට සිතාගැනීමට පවා අපහසු දුරකින් පිහිටා තිබූ නිසාවෙනි.

ඉහත පිපුරුමෙන් නිර්මාණයවූ රත්‍රන් වල ස්කන්ධය පෘතුවියේ ස්කන්ධයට වඩා විශාල බව පැවසෙනවා. එපමණක් නොවෙයි ප්ලැටිනම්, යුරේනියම් සහ ඊයම් වැනි තවත් බැර ලෝහයන් විශාල ප්‍රමාණයක් ඉන් නිර්මාණය වී තිබෙනවා.

අභ්‍යවකාශය තුල ජනිතවූ කම්පනයන් මැනබැලීමෙන් එම සංසිද්ධියට සවන්දීමටද විද්‍යාඥයින්ට හැකිවුනා. එපමණක් නොවෙයි, පෘතුවියේ වූ දුරේක්ෂයන්ගෙන් සහ අභ්‍යවකාශයේ වූ චන්ද්රිකාවල උපකාරය ඇතිව, කිලනොවා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එම පිපිරුමෙන් නිකුත්වූ ආලෝකය සහ විකිරණද විද්‍යාඥයින්ට දැකගන්නට ලැබී තිබුනා .

එම අලුත් අත්දැකීමෙන් අමන්දානන්දයට පත්වූ විද්‍යාඥයින්, තාරකාවිද්‍යා ක්ෂේස්ත්‍රය තුල නව පියවරක් ඉදිරියට තබනවා ඇති.

මෙම නව සොයාගැනීමට ස්තූතිවන්ත වෙන්න නියුට්‍රෝන තාරකාවන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්නට විද්‍යාඥයින්ට හැකිවී තිබෙනවා.

ගුරුත්ව තරංගයන් මගින් නිකුත්වූ ශබ්දය සහ, ශබ්දයට පසුව පැමිණි ආලෝකය රූපරාමු පෙළකට සමාන කරන්නට පුළුවන්. එය විද්‍යාඥයින්ට විශ්වය විසින් සැපයු චිත්‍රපටි ජවනිකාවක් වගෙයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!