අභ්‍යවකාශ මධ්‍යස්ථානය පොලවට කඩාගෙන වැටීමට නියමිතයි

ඉහල අභ්‍යවකාශයේ වූ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පාලන බලයෙන් ගිලිහීගොස් තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ නුදුරු දිනකදීම එය පෘතුවිය මත පතිතවෙන බවයි. එය කුමන වෙලාවක කොතැනකට පතිත වේවිද කියන්න නම් කිසිවෙකු දන්නේ නැහැ.

ලොවපුරා අභ්‍යවකාශ කාර්යාංශයන් පසුගිය මාස කිහිපයක කාලය පුරාවට වස්තුවක කක්ෂය පථය පිළිබඳව දැඩි වියවුල් තත්වයකට පත්ව සිටියා. චීන අභ්‍යවකාශ කාර්යංශයට අයත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක තාක්ෂණික දෝෂයක් ඇතිව තිබෙන බව පසුව හෙළිවුණා. ටියැන්යොන් 1 ලෙස හඳුන්වන එම අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ගතකරේ 2011 වර්ෂයේදීයි. ඒ සමගම චීනය කෙතරම් බලවත්ද යන්න ලෝකයටම අවබෝධ වුනා.

එය අභ්‍යවකාශ ගත කරේ මිනින්සුන්ගෙන් සමන්විත විද්‍යාගාරයක් ලෙස පවත්වාගෙන යාමටයි. ටොන් 8ක් තරම් බර එම අභ්‍යවකාශ යානාව තුල මේවනවිට කිසිවෙකු නැතිවීම නම් වාසනාවට කරුණක්.

ජොනතන් මැක්ඩොවෙල් තාරකා භෞතිකවිද්යාඥයාට අනුව ඉදිරි මාස කිහිපය ඇතුලත එය පෘතුවිය හා ගැටීමට නියමිතයි. 2017 වර්ෂයේ අගභාගයේදී හෝ 2018 වර්ෂයේ මුල් භාගයේදී එය කඩාගෙන වැටෙන්නට පුළුවන්. එහි වැඩි කොටසක් පෘතුවියේ වායුගෝලය තුලදී දැවී යනු ඇතිබව ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා. එසේ වුනත් එහි සුන්බුන් පෘතුවිය මත පතිතවීමට නියමිතයි.

මේවනවිට නම් එහි සුන්බුන් පතිත වෙන ස්ථානය නිවැරදිව පැවසිය නොහැකියි. එම සුන්බුන් පතිත වෙන ස්ථානය තීරණය වන්නේ කාලගුණය සහ වායුගෝලීය තත්වයන් මතයි. එම කැබලි කිලෝග්‍රෑම් 100ක් තරම් බරකින් සමන්විත වෙන බව අනුමාන කරන්නට පුලුවන්. ජනාකීර්ණ ස්ථානයකට එය පතිත වුනොත්, ජීවිත හානි වුනත් සිදුවීමට හැකියාවක් තිබෙනවා. බොහෝ විට ඉන් සිදුවෙන හානිය නිවෙස් වලට සහ වාහන වලට පමණක් සීමාවෙන්නට පුළුවන්.

ඒවගේම චීන අභ්‍යවකාශ කාර්යංශයට විරුද්ධව බොහෝ දෙනෙක් නඩු මගට පිවිසීමටද ඉඩ තිබෙනවා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!