2048 වර්ෂයෙන් පැමිණි මිනිසා කල අනතුරු ඇගවීම!

විද්‍යාව කෙතරම් දියුණු වුනත්, අදටත් බොහෝ දෙනෙක් කාල තරණය මිත්‍යාවක් බව පවසා බැහැර කරනවා. නමුත් කාල තරණය ඇත්තටම සිදුකළහැකි බව පවසන විද්‍යාත්මක න්‍යායන් සහ චිත්‍රපටි රාශියක් බිහිව තිබෙනවා. එසේ වුනත් කාලය හරහා ගමන් කළහැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීමට නම්, එක් විද්‍යාඥයෙක්වත් සමත්වී නැහැ.

2048 වර්ෂයෙන් මෙහි ආ බව පවසන පුද්ගලයෙකු නිසා මේ දිනවල අන්තර්ජාලය උණුසුම්වී තිබෙනවා. ඔහු පැමිණ තිබෙන්නේ අනාගතය පිළිබඳව බරපතල අනතුරු ඇගවීමක්ද සහිතවයි. පසුගිය සඳුදා දිනයේදී ඔහු කැස්පර් පොලීසිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඔහු පවසන්නේ ලබන වසරේදී පිටසක්වල ජීවීන් පෘතුවිය ආක්‍රමණය කිරීමට නියමිත බවත්, ඊට පෙර සියලු මිනිසුන් පෘතුවිය අතහැරදමා යායුතු බවයි.

එම විනාශය සිදුවෙන නිවැරදි දිනයක් පිළිබඳව ඔහු සඳහන් කර නැහැ. නගරයේ ප්‍රධානියාට හැරෙන්න අන් කිසිවෙකුට වැඩි විස්තර නොපවසන බවද ඔහු පවසා තිබුනා. ඔහු පවසන පරිදි ඔහු පැමිණීමට නියමිතව සිටියේ 2018  වර්ෂයේදීයි. නමුත් ඔහු වැරදීමකින් 2017 වර්ෂයට පැමිණ තිබෙනවා.

පොලිස් නිලධාරීන්ට ඔහු හමුවන විට ඔහුගේ රුධිරයේ 0.136ක් තරම් ඇල්කොහොල් මට්ටමක් තිබී තිබුනා. ඔහු පවසන්නේ කාල තරණය කිරීමට පෙර, පිටසක්වල ජීවීන් විසින් ගමන පහසු වීම සඳහා ඔහුගේ ශරීරයට අලෝකොහෝල් ඇතුලත් කර බවයි. ඒවගේම කාල තරණය කිරීමට පෙර යෝධ තැටියක් වැනි උපකරණයක් මත සිටි හැටි ඔහු සිහිපත් කර තිබුනා.

මෙය ලොව ප්‍රමුඛ පෙලේ අන්තර්ජාතික මාද්‍යය පවා වාර්තා කරපු පුවතක්. මේ පිළිබඳව ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!