තදට ඩෙනිම් අඳින අයට වෙනදේ දන්නවද ?

විශේෂඥ වෛද්‍යවරුන් පවසන පරිදි, හිර ඩෙනිම් පැළඳගෙන බොහෝ වෙලාවක් උත්කුටික වී (ඇනතියාගෙන බිම වාඩිවෙනවා) සිටීමේදී කකුලේ මස්පිඩු සහ ස්නායු තන්තු වලට බරපතල හානි සිදුවෙනවා.

අවුරුදු 35ක් වයසැති ඔස්ට්රේලියානු කාන්තාවකට සිදුවුණු භයානක ප්‍රතිවිපාකයක් නිසා තමයි මෙම සෞඛ්‍ය අවවාදය කරලියට පැමිණ තිබෙන්නේ. හිර ඩෙනිමක් පැළඳගෙන බොහෝවේලාවක් උත්කුටික වී සිටි එම කාන්තාව ඇවිද ගැනීමට නොහැකිව බිම ඇදවැටුණු අතර ඉන් පැය කිහිපයකට පසුව රෝහල් ගතකර තිබුනා.

පවුලේ හිතවතෙකුට නිවසේ බඩු භාණ්ඩ වෙනත් ස්ථානයකට රැගෙන යාමට උදව් වෙමින් සිටි අතරතුරදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුණු බවයි ඇය මාධ්‍යය වෙත අදහස් දක්වා තිබුනේ. නොදුටු ලෝකයට වාර්තා වන පරිදි, මෙතරම් බරපතල හානියක් ඇයට සිදුවී තිබුනේ, හිර ඩෙනිමක් පැළඳගෙන පැය ගණනක් උත්කුටික වී හිස් බිත්ති රාක්කයක් තුල ගමන් කල නිසාවෙනි.

පැළඳගෙන සිටි ඩෙනිම් කලිසම ඉතාමත් තද එකක් වුනු නිසා, අධික හිර බවක් සහ අපහසුතාවයක් දැනුනු බව ඇය වැඩි දුරටත් පවසා සිටියා.

සවස් වන විට දෙපතුල් වලින් හිරිවැටීමක් දැනුන නිසා ඇවිදීම අපහසුවී ඇය බිම ඇද වැටී තිඛෙනවා. නැගිට ගැනීමටවත් කකුල් වලට වාරු නොතිබුණු නිසා ඇයව හමුවන තුරු පැය කිහිපයක්ම බිමවැටී සිටි බව ඇය සිහිපත් කරනවා.

දණහිසට පහතින් කකුලේ පිටුපස පිහිටා තිබෙන මස්ගොබ දෙක බැලුන් බෝලයක් තරම් ඉදිමී තිබුණු නිසා ඩෙනිම් කලිසම කපා ඉවත්කිරීමට සිදුවී තිබෙනවා. කකුලේ පා ඇගිලි වගේම දණහිසද නිවැරදිව චලනය කිරීමට ඇයට හැකියාවක් තිබුනේ නැහැ.

වෛද්‍යවරුන් විසින් සිදුකරනු ලැබූ පරික්ශාවේදී අනාරවණය වී තිබුනේ, හිර ඩෙනිමක් පැළඳගෙන බොහෝ වෙලාවක් උත්කුටික වී සිටි නිසා ඇතිවුණු අධික තෙරපුම හේතුවෙන් කකුලේ මස්පිඩු වලට සහ ස්නායු තන්තු වලට බරපතල හානි සිදුවී ඇතිබවයි.

නියමිත ප්‍රතිකාර සිදුකිරීමෙන් අනතුරුව දවස් 4ක් ගියපසුව ඇයට නැවත ඇවිදීමට හැකිවී තිඛෙනවා.

වඩාත් තදට හිර ඩෙනිම් පැළඳීම විලාසිතාවක් වුනත්, එය ඔබගේ ජීවිතය අනතුරට පත්කිරීමට සමත්වෙන බව හොඳින් මතක තබාගන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!