ආත්මයෙන් ආත්මයට පතාගෙන එන ආදරය හඳුනා ගන්න ලක්ෂණ 3ක්.

කෙළවරක් නොමැති මේ මහා සංසාරයේ අපි අනන්තවත් ආදරය කර ඇති. එම සම්බන්ධතාවයන් අතර ආත්මයෙන් ආත්මයට පතාගෙන එන ආත්මීය සම්බන්ධතත්වයන්ද තිබෙන්නට පුළුවන්. ඔබ ආදරය කරන කෙනෙකු නම් ඔබේ සම්බන්ධතාවයද ආත්මයෙන් ආත්මයට පැමිණෙන ආත්මීය බැඳීමක් වෙන්නට පුළුවන්. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ එවැනි සම්බන්ධතාවයක් හඳුනාගැනීමට හැකි ලක්ෂණ කිහිපයක් පිළිබඳවයි. එම කරුණු විමසා බලා ඔබේ සම්බන්ධතාවය කුමක්ද යන්න ඔබම තීරණය කරන්න.

1. උත්සහ කිරීමකින් තොරව හදිසියේම එකිනෙකා හඳුනා ගැනීම.

ආත්මයෙන් ආත්මයට පතාගෙන එන ආදරය ඔබේ මිතුරෙකුගේ මාර්ගයෙන් ඔබට හමුවෙන්නට පුළුවන්. ඊට අමතරව නොසිතු අවස්තාවකදී උද්‍යානයකදී හෝ ඕනෑම තැනකදී හදිසියේම හමුවෙන්නටද ඉඩ තිඛෙනවා. හදිසියේම එකවර නෙත ගැටුණු එම ඇස් වල කුමක්දෝ හුරු පුරුදු බවක් ඇති බව ඔබේ සිතේ ගැඹුරුම තැනකින් ඔබට පවසාවි. පළමු වරට ඔබ දෙදෙනා කතාබස් කරන විට විදුලි සැරක් වැනි හැගීමක් දැනේවි.

බොහොමයක් ආදරවන්තයින්ට එම හැගීම දැනුනද කාලයත් සමග එය කෙමෙන් වියැකී යනවා. නමුත් එය ආත්මීය බැඳීමක් නම් එම හැගීම එන්න එන්නම වැඩි වෙනවා. එවැනි ආදරයක් ඔබට හමුවී තිඛෙනවානම් ඕනෑම කැපකිරීමක් කොට එය රැකගන්නට උත්සහ කරන්න. මොකද, ඔබට හමුවී තිඛෙන්නේ බොහෝ දෙනෙක්ට හමුනොවන ඉතාමාත්ම වටිනා ආදරයකි.

2. ඔබ දෙදෙනාගේ සන්නිවේදන මට්ටම අසමසමයි.

පැහැදිලි සන්නිවේදන හැකියාවක් නොමැති නම් එම බැඳීම බොහෝ කාලයක් නොනැසී පවතින සාර්ථක සම්බන්ධතාවයක් වන්නේ නැහැ. නමුත් එම පැහැදිලි කමට එහාගිය සත්‍යවාදී බවක්ද එකිනෙකා අතර සිදුවෙන එම සන්නිවේදනයේ තිබිය යුතුයි. කතාබස් කරන විට කිසිවක් නොසගවා පවසන හෙයින් ආත්මීය බැඳීමක බොරුවට කිසිඳු ඉඩක් නැහැ. වඩාත් විවුර්තව එකිනෙකා සමග කතාබස් කිරීම සහ හැසිරීම නිසා සම්බන්ධතාවය අනතුරට භාජනය වෙන්නටද ඉඩ තිබෙනවා. මෙවැනි ආකාරයේ සන්නිවේදනයක් එකිනෙකා අතර ගොඩ නගා ගැනීම ඉතාමත්ම අපහසුයි. නමුත් ආත්මීය බැඳීම් වල එම සන්නිවේදන හැකියාව වඩාත් හොඳින් පවතිනවා.

3. අනාගතය ගොඩනගා ගැනීමට දෙදෙනාම එක්ව කටයුතු කරනවා.

ආත්මීය බැඳීමේ ඇති ශක්තිමත් සම්බන්ධතාවය නිසා තම පවුලේ අනාගතය ගොඩනගා ගැනීමට දෙදෙනාම එකට එක්ව කටයුතු කරනවා. එම සමබන්ධතාවය කෙතරම් විශිෂ්ටද යත් අනෙකුත් ආදරවන්තයින් සිදුකරන බොළඳ දේවල් සිදුකිරීමට ඔවුන් පෙළඹෙන්නේ නැති අතර තම අනාගතය සාර්ථක කරගැනීමට දෙදෙනාම එකට එක්ව කටයුතු කරනවා.

ඔවුන් සිතන පතන විදිය එකක් වන නිසා බොහෝ විට එකම දෙයට කැමැත්තක් දක්වන අතර ඇතැම් දේවල් සඳහා දෙදෙනාම අකමැත්තක්ද දක්වනවා. එම නිසා එක් අයෙක් තීරණයක් ගත්තොත් මැරෙන්න වුනත් අනෙකා කැමති වෙනවා. කිසිවෙකුට බිඳ හෙලීමට නොහැකි මෙම සම්බන්ධතාවයේ ශක්තිමත් බව නිසා එය ආත්මයෙන් ආත්මයට නොනැවතී ගලාගෙන යනවා.

ඔබ ආදරය කරන කෙනෙක් නම් ඔබේ සම්බන්ධතාවයේ මෙම ලක්ෂණ තිබෙනවාද යන්න විමසා බලන්න. එම ලක්ෂණ තිබෙනවානම් ඔබේ ආදරය ආත්මයෙන් ආත්මයට පතාගෙන එන එකක් වෙන්නට බොහෝ විට ඉඩ තිබෙනවා. මෙම ඉහතකී ගතිගුණ ප්‍රගුණ කරනවානම් ඔබේ බැදීමද ආත්මීය බැඳීමක් දක්වා වැඩිදියුණු කරගන්නට පුළුවන්.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!