ලෝකය විනාශ කිරීමට තරම් හැකියාවක් තිබූ විද්‍යාත්මක පර්යේෂණ 5ක්

ලෝකයේ දියුණුවට නවීන විද්‍යාව කොපමණ දායකවී තිබෙනවාද යන්න අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වන්නේ නැහැ. විද්‍යාව වෙනුවෙන් තම ජීවිතය පවා නැතිකරගත් මිනිසුන් අනන්තවත් සිටිනවා. නමුත් විද්‍යාව නිසා මේ මුළු ලෝකයම වුනත් විනාශ වෙන්නට පුළුවන්. අද අපි ඔබව දැනුවත් කරන්නේ ලෝකයම විනාශ කිරීමට සමත්වූ භයානක විද්‍යා පර්යේෂණයන් කිහිපයක් පිළිබඳවයි.

1. Kola Superdeep Borehole

1970 වර්ෂයේදී සෝවියට් රුසියාව පුළුවන් තරම් පොලොව අභ්‍යන්තරයට හැරීමට තීරණය කළා. 1989 වර්ෂයේදී ඔවුන් අඩි 40,230ක් දක්වා ගැඹුරට ගමන් කර තිබුනා. එය මිනිසා විසින් හාරනු ලැබූ ලොව ගැඹුරුතම කුහරයයි. පෘතුවියේ අභ්‍යන්තරයට යනවාත් සමගම උෂ්ණත්වය සෙල්සියස් අංශක 180 දක්වා වැඩිවුනා. එම නිසා තව දුරටත් අභ්‍යන්තරයට ගමන් කරන්නට හැකිවුණේ නැහැ.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිටම අති දැවැන්ත භූකම්පන විනාශයක් සිදුවේවි කියන බියක් ඔවුන් සතුව තිබුනා. මොකද පෘතුවියේ භූගර්භ විද්‍යාව පිළිබඳව වැඩි දැනුමක් අපිට නැහැ.

2. Trinity Test

1945 වර්ෂයේදී, ඇමරිකානුවන් විසින් ලොව ප්‍රථම න්‍යෂ්ටික උපකරණය පුපුරවා හැරියා. එම පර්යේෂණය සිදුකරේ නිව් මෙක්සිකෝ වල ලොස් ඇලමෝස් වලයි. වාර්තා වෙන පරිදි ඉන් TNT ටොන් 21,000කට සමාන විශාල පිපුරුමක් එහිදී සිදුවුනා. එය ලෝක විනාශයේ ආරම්භක දිනය ලෙසද සැලකෙනවා.

3. Large Hadron Collider

ලාජ් හාඩන් කලයිඩර් යනු ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අංශු ත්වරකයකි. එය නිර්මාණය කර තිබුනේ යුරෝපියානු න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානය විසින්. බොහෝ දෙනෙක් සිතුවේ එය පෘතුවිය ගිල ගැනීමට සමත් විශාල කළු කුහරයක් බවට පත්වේවි කියායි. එය ලොවම උණුසුම් කිරීමට සමත්වූ ආන්දෝලනාත්මක පුවතක් වුනා.

4. Starfish Prime

1962 වර්ෂයේදී ඇමරිකාව පැසිෆික් සාගරයට ඉහලින් න්‍යෂ්ටික බෝම්බයක් පුපුරවා හැරියා. එය මෙගාටොන් 1.45ක් තරම් බලයකින් පුපුරා ගිය බව පැවසෙනවා. හිරෝෂිමාවට හෙලූ බෝම්බයට වඩා එය සිය ගුණයකින් බලවත්.

එම පිපිරීමෙන් පෘතුවියේ චුම්භක ගෝලයට දැඩි බලපෑමක් ඇතිවේවි කියා නම් ඔවුන් සිතුවේ නැහැ. චුම්භක ගෝලය යනුවෙන් හැඳින්වූයේ සුර්ය සුළං වලින් අප පෘතුවිය ආරක්ෂා කරන ආරෝපිත අනුවලින් සමන්විත ලේයරයයි. ඉහත පිපිරීම හේතුවෙන් ඇතිවූ බලපෑමෙන් අප පෘතුවිය වටා විකිරණ වළල්ලක් නිර්මාණය වුනා. එය අවුරුදු 5ක් පුරාවට පැවති අතර චන්ද්‍රිකාවන් ගණනාවකටම හානිවුනා.

5. SETI

පෘතුවියෙන් පිටත විශ්වයේ ජීවයක් පවතිනවාද යන්න සෙවීමට නොයෙකුත් කණ්ඩායම් රාශියක් එකට එකතුවී සිටිනවා. පිටසක්වල ජීවීන් සමග සම්බන්ධවූ පසුව කුමක් සිදුවේවිද කියා නම් ඔවුන් කිසිවෙක් දන්නේ නැහැ. ස්ටීවන් හොකින්ස් වැනි විද්‍යාඥයින් නම් පවසන්නේ, එය සියදිවි නසාගැනීමකට සමාන බවයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!