මියගිය පුද්ගලයෙකු ඔබ අසලම ගැවසෙනවා විය හැකියි!

සමීපව සිටි පුද්ගලයෙකුගේ වියෝවීම දරාගැනීමට නොහැකි වේදනාවක් බව අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සැවොම එවැනි කටුක අත්දැකීම් වලට මුහුණ දී තිබෙනවා. ඔවුන් භෞතික වශයෙන් මෙලොවින් සමුගෙන හිටියත්, ඔවුන් තමන් ලගින්ම සිටිනවා වැනි හැගීමක් දැනෙනවා නේද ? මියගිය ආදරණීය පුද්ගලයෙකු ඔබ අසලින්ම සිටින බව පෙන්වා සිටින ලක්ෂණයක් ලෙස එය හඳුන්වන්න පුළුවන්. මොකද, ජීවත්ව සිටින පුද්ගලයින්ට මෙන්ම මරණයට පත්වූ පුද්ගලයින්ටද ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක හොඳින්ම දැනෙනවා. එම නිසා ඔවුන් බොහෝ කාලයක් තමන් ආදරය කරනු ලැබූ පුද්ගලයින් අසල ගැවසෙමින් සිටිනවා. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දනුවත් කරන්නේ ඒ බව හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් පිළිබඳවයි.

1. ඔබට ඔවුන්ගේ සුවඳ දැනෙනවා

ආදරණීය පුද්ගලයෙකුගේ ආත්මයක් ඔබ අසල සිටින විට, විවිධ ක්‍රම මගින් එය ප්‍රකාශ වෙන්නට පුළුවන්. ඔවුන් ජීවත්ව සිටි කාලයේ ඔබට ඔවුන්ගෙන් දැනුන සුවඳ යලි දැනීම ඒ සඳහා වූ හොඳම උදාහරණයකි. එය දුම්කොළ පයිප්පයක සුවඳ, විශේෂිත සුවඳ විලවුන් වර්ගයක සුවඳ හෝ ඔබ කැමතිම ආහාරය පිසෙන සුවඳ වෙන්න පුළුවන්. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, එය මියගිය ආදරණීය පුද්ගලයෙකු විසින් ඔබට එවනු ලැබූ ඍජු පණිවිඩයක් ලෙස සලකන්නට හැකියාව තිබෙනවා.

2. ඔවුන් ඔබේ සිහින වල පෙනී සිටිනවා

මියගිය පුද්ගලයින්ගේ ආත්ම ජීවත්ව සිටින මිනිසුන් සමග සන්නිවේදනය කරන පොදු ක්‍රම ගණනාවක්ම තිඛෙනවා. ඔබ නොදැන සිටියාට අපගේ උපවිඥාන මනස, නොපෙනෙන ලෝකයට විවුර්තව පවතිනවා. ඒ හරහා ඔවුන්ට අප සමග සන්නිවේදනය කරන්නට හැකියාවක් තිඛෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. බොහොමයක් දෙනෙක්ට සිහිනෙන් මියගිය පුද්ගලයින්ව දර්ශනය වෙන්නේ එම හේතුව නිසයි. එම සිහින වලට හොඳින් අවදානය යොමු කළහොත් ඔවුන් ලබාදෙන පණිවිඩ ග්‍රහණය කරගන්නට පුළුවන්.

3. ඔබේ බඩු භාණ්ඩ අස්ථානගත වීම

තමන් තැබූ තැන එම භාණ්ඩ නොමැති වුනු අවස්තාවන් වලට ඔබ නිතර මුහුණ දෙනවාද? සමහර විට එය අමතකවීම නිසා සිදුවුණු දෙයක් වෙන්නත් පුළුවන්. ඇතැම්විට එය ඔබේ මියගිය යහළුවෙකු හෝ නෑ කෙනෙකු ඔබට සිදුකරනු ලැබූ විහිළුවක් වෙන්නටද ඉඩ තිඛෙනවා. මෙය විශ්වාස කිරීමට පවා අපහසු මෝඩ කරුණක් සේ පෙනුනත්, එවැනි දේවල් ඇත්තටම සිදුවෙන බව ගුප්ත ශාස්ත්‍රය පිළිබඳව විශේෂඥයින් පවසා සිටිනවා. ඇතැම් පුද්ගලයින් මියගියත්, ඔබ සමග විහුලු තහළු කිරීමට ඔවුන් තුල පවතින එම කැමැත්ත එලෙසම පවතින බව ගුප්ත ශාස්ත්‍රය පිළිබඳව විශේෂඥයින් පවසා සිටිනවා.

4. අවමගුල් උත්සවයේදී දිස්වෙන ලක්ෂණ

ගුප්ත ශාස්ත්‍ර විශේෂඥයින් පවසන පරිදි, ඇතැම් මියගිය පුද්ගලයින්ගේ ආත්ම තමන්ගේම අවමගුල් උත්සවයට සහභාගී වෙනවා. ඔවුන් ඒ අවට සැරි සරමින් තම ආදරණීය පුද්ගලයින් සැනසීමට උත්සහ කරනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. සියල්ල හොඳින් බව පැවසීම සඳහා ඔවුන් නොයෙකුත් සංඥාවන් නිකුත් කරනු ලැබුවත්, ශෝඛයෙන් බරව සිටින නිසා එම සංඥාවන් ග්‍රහණය කරගැනීමට ජීවත්ව සිටින අය අපොහොසත් වෙනවා. ඔබ යම්කිසි අවමගුල් උත්සවයකට සහභාගී වන විට ඒ අවට සිදුවෙන දේ පිළිබඳව හොඳ අවදානයකින් පසුවුනොත් එවැනි නිමිත්තක් දෙකක් හඳුනා ගැනීමට අපහසු වෙන්නේ නැහැ.

5. අසාමාන්‍ය සිතුවිලි

නුහුරු නුපුරුදු සිතුවිලි තම සිතට නැගෙනවා වැනි හැගීමක් ඔබට දැනෙන්නට පුළුවන්. ඇතැම් විට එය මියගිය ආදරණීය පුද්ගලයෙකු තමන් අසලින් සිටින බව පෙන්නුම් කරන ලක්ෂනයක් වෙන්නට හැකියාව තිබෙනවා. එය මියගිය ආදරණීය පුද්ගලයෙකු ඔබව ආමන්ත්‍රණය කිරීමට දරන අහිංසක උත්සහයක් වෙන්නටත් පුළුවන්. එම නිසා එවැනි සිතුවිලි වලට හොඳින් සවන් දෙන්න.

අප මෙම ලිපියෙන් ඉදිරිපත් කරනු ලැබූ කරුණු විද්‍යාත්මකව සනාත කිරීමට හැකියාවක් නැහැ. නමුත් පියවි ඇසට නොපෙනෙන ගුප්ත ලෝකයක් පවතින බව නම් අමතක කරන්නට එපා. ඔබටත් මෙවැනි අත්දැකීමක් තිබෙනවාද ? එවැන්නක් තිබෙනවානම් අප සමග බෙදා ගන්නට අමතක කරන්න එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!