අදටත් විද්‍යාඥයින් මවිත කරවන පෞරාණික උපකරණ

අතීතයේ විසූ අපේ පැරැන්නන් නිර්මාණය කරපු ඇතැම් දේවල් පිළිබඳව විද්‍යාඥයින් අදටත් මවිතයට පත්වෙනවා. මොකද අප සිතනවාටත් වඩා ඉහල හැකියාවක් සහ තාක්ෂණයක් ඔවුන් සතුව තිබී තිබෙනවා. අද අපි ඔබව දැනුවත් කරන්නේ විද්‍යාඥයින් පවා මවිතයට පත්කරපු නිපැයුම් කිහිපයක් පිළිබඳවයි.

1. Zhang Hang’s seismoscope, 132 AD

චීන ජාතික සැන් හැන් නව නිපැයුම් කරුවා විසින් නිර්මාණය කරපු භූකම්පන මානයක් තමයි මේ ඔබ දකින්නේ. භූකම්පනයක් සිදුවෙන විට මකර කටකින් බෝලයක් පහත සිටින ගෙම්බෙකුගේ කට තුලට වැටෙනවා. එම උපකරණය තුල ලීවර මගින් මකර හිස් හා සම්බන්ධිත දෝලනය වෙන ඔරලෝසු බට්ටෙකු තිබෙනවා.

2. Flexible glass, 14-37 AD

විශ්වාස කරන්න, මේ ඔබ දකින්නේ බිඳහෙළිය නොහැකි නම්‍යශීලී වීදුරු බඳුනක්. මෙම අපූරු වීදුරු බඳුන නිර්මාණය කරපු නිර්මාණ ශිල්පියා පිළිබඳව වැඩි විස්තරයක් නැහැ. ඔහු එය ටයිබෙරියස් සීසර් රෝමානු අධිරාජ්‍යයාට තිළිණයක් වශයෙන් ප්‍රදානය කර තිබෙනවා. එම ත්‍යාගය පිළිගත් අධිරාජ්‍යයා වහාම අදාළ ශිල්පියාගේ ගෙල සිඳ දැමීමට කටයුතු කර තිබුනා. මොකද මෙම අමුද්‍රව්‍යය රන් රිදී වලට වඩා වටිනාකමින් වැඩිවේවි කියා ඔහු බියට පත්වුනා.

3. Sabu Disc, 3100-3000 BC

මෙම ශෛලමය තැටිය හමුවී තිබුනේ ඊජිප්තුවේ සකාරා ගම්මානයේ සොහොන් ගෙයක් තුලින්. ඒ හා සම්බන්ධ කිසිම යාන්ත්‍රික කොටසක් හමුවී තිබුනේ නැහැ. එම නිසා මෙම තැටියේ අරමුණ කුමක්ද කියන්න කිසිවෙක් දන්නේ නැහැ. ඔබ සිතන විදියට මේ කුමක් වෙන්නට පුලුවන්ද?

4. Baghdad battery, c. 2500 BC

මෙම බැටරිය මැටි බඳුනකින්, තඹ සිලින්ඩරයකින් සහ තනි යකඩ කූරකින් සමන්විතයි. මේ විදියට නිර්මාණය කරගත් අනුරුවක් ඉලෙක්ට්‍රෝලයිටයන්ගෙන් පුරවාගත් විට වෝල්ට් 2ක විද්‍යුතයක් නිෂ්පාදනය කරගන්නට පුළුවන්. ඇතැම්විට පෞරාණික බැබිලෝනියානුවන් විද්‍යුත් ලෝහාලේපණය පිළිබඳව හොඳ අවබෝධයකින් පසුවෙන්නට ඇති. ඔවුන් මෙම උපකරණය භාවිතා කරමින් රිදී මත රන් ආලේපිත කරා වෙන්නත් පුළුවන්.

5. Nimrud lens, 750-710 BC

පලිඟු පාෂාණ වලින් නිපදවූ මෙම ඔප්ටිකල් ලෙන්ස් එක සොයාගෙන තිබුනේ ඉරාකයේ අසිරියන් මාලිගාව තුලින්. ඒ 1850 වර්ෂයේදීයි. ඒ සතුව තුන්ගුනයක විශාලනය කිරීමේ හැකියාවක් තිබෙනවා. ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ මෙය පුරාණ දුරෙක්ෂයක කොටසක් වෙන්නට ඇති බවයි.

6. Colombian golden airplane, 4th-7th centuries AD

විද්‍යාඥයින් පවසන්නේ මෙය අලංකාරවත්ව නිර්මාණය කරපු කුරුල්ලන්ගේ අනුරුවක් නොවන බවයි. එය අතීතයේ පවැති පිහාඹන යන්ත්‍රවල අනුරූ වෙන්නට ඇති බව බොහෝ දෙනෙක් පවසා සිටිනවා. වැඩිදුර සිදුකරනු ලැබූ පර්යේෂණ වලදී, මෙම අනුරූවල හැඩයෙන් යුත් ගුවන් යානාවකට ඇත්තටම පියාසර කළහැකි බව හෙළිවී තිබෙනවා.

7. Iron pillar of Delhi, 415 AD

මෙය ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි ඉහල සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක්. අවුරුදු 1600ක් පුරාවට මලකඩ වලින් මෙම යකඩ ස්ථම්භය ආරක්ෂා වී පැවතීම නම් පුදුමයට කරුණකි. ඇතැම් මතධාරීන් පවසන්නේ මෙය උල්කා පාෂාණ වලින් ඉදිකරන්නට ඇති බවයි. නමුත් එම මතය වැරදි කරමින් එය පෞරාණික ඉන්දියානු කම්මල්කරුවන් යකඩ වලින් සිදුකරනු ලැබූ අග්‍රගන්‍ය නිර්මාණයක් බව මේවන විට සනාථවී තිබෙනවා. ඔවුන් එම ස්ථම්භය පුරාවට ඔක්සයිඩ් ලෙයරයක්ද නිර්මාණය කර තිබෙනවා. එය දිල්ලි වල පවතින කාලගුණ තත්වයෙන් එම ස්ථම්භයට ආරක්ෂාව සලසනවා.

ඔබ සිතන විදියට මේ අතරින් විශිෂ්ඨතම පෞරාණික නිර්මාණය කුමක්ද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!