මියගිය පසුව අඩි 6ක් පොලව යට වළලන්නේ ඇයි ?

(අඩි 6ක් පොලව යට) කියන වචනය මරණය හා සම්බන්ධ වී පවතින වචනයක් බව ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මිනිසෙකු මියගිය පසුව හරියටම අඩි 6ක් පොලව යට වලක් හාරා වළලනු ලබන්නේ ඇයිද කියා ඔබ කෙදිනකවත් සිතුවාද ?

1655 වර්ෂයේදී එංගලන්තයට බලපානු ලැබූ (Bubonic) වසංගතය මෙහිදී අමතක කරන්නට බැහැ. මොකද, මිනිසෙකු මියගිය පසුව අඩි 6ක් පොලව යට වළලනු ලබන සිරිත ආරම්භ වුනේ ඒ සමගයි. එම වසංගතයේ බලපෑම ලන්ඩන් නුවරටත් බලපාපු නිසා, වසංගතයේ පැතිරයාම පාලනය කිරීමේ අරමුණ ඇතිව ලන්ඩන් නගරාධිපති වරයා විසින් අලුත් නීතියක් පනවනු ලැබුවා. එනම් මියගිය පසුව අඩි 6ක් පොලව යට වැළලීම අනිවාර්යය බවයි.

වයිරසයේ පැතිරයාම සහ මෘත ශරීර අතර කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව අවබෝද වීමත් සමග, අඩි 6ක් පොලව යට වැළලීමේ නීතිය නිෂ්පල දෙයක් බව සැමටම අවබෝද වුනා. එම නිසා තවදුරටත් එය නීතියක් ලෙස ක්‍රියාත්මක උනේ නැහැ.

ඇමරිකාව තුල නම් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට නීතිය වෙනස් වෙනවා. ඇතැම් ප්‍රාන්ත වල පොලවට අගල් 18ක් පමණ යටට වෙන්න මිනී පෙට්ටිය වැළලීම හොඳටම ප්‍රමාණවත්. නමුත් සමහරක් ප්‍රාන්ත වල නම් අඩි 12ක් පමණ යටින් මෘත ශරීරය මිහිදන් කිරීම අනිආර්යය බව සඳහන් කර තිඛෙනවා.

අද අපි ජීවත් වෙන නුතන ලෝකය තුල, මියගිය පුද්ගලයෙකු වලදැමිය යුතු නියමිත ගැඹුරක් පිළිබඳව සම්මත නීතියක් ඇත්තේ නැහැ. එහෙත් ගංවතුරේ බලපෑමට ලක්වෙන ප්‍රදේශයක මෘත ශරීරයක් භූමිදානය කරන විට අඩි 6 නීතිය අනුගමනය කිරීම නුවනට හුරුයි. එසේ නොවුනොත් මල සිරුර යලි පොලව මතුපිටටට පැමිණෙන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා.

අවසාන වශයෙන් ඔබට පවසන්නට තිඛෙන්නේ, මියගිය පුද්ගලයෙකු භූමිදානය කලයුතු පොලවේ ගැඹුර පිළිබඳව මුළු ලෝකයම පිළිගත් සම්මත නීතියක් ඇත්තේ නැති බවයි. පාරසරික හේතුන් මත එය රටෙන් රටට සහ නගරයෙන් නගරයට වෙනස් වෙන්නට පුළුවන්.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!