හිට්ලර්ගේ නාසි පක්ෂය විසින් ලොවට හඳුන්වාදුන් නව නිපැයුම්.

ඔබ භාවිතා කරන මෙම දේවල් ලෝකයට හඳුන්වාදී තිබෙන්නේ නාසි වරුන් විසින් කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. ඔබ සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවූ එවැනි නිෂ්පාදන කිහිපයක් මෙන්න.

1. ෆැන්ටා සෝඩා

අපි සැවොම ප්‍රියකරන ෆැන්ටා ඔරේන්ජ් පානය ලොවට හඳුන්වාදුන්නේ නාසි වරුන් විසින් බව ඔබ දන්නවාද ? දෙවෙනි ලෝක යුධ සමයේදී වෙළඳ කටයුතු වලට දැඩි නීති රීති පනවා තිබුනා. ඉන් අදහස් කරන්නේ ජර්මනියට පැමිණෙන දේවල් සහ ජර්මනියෙන් පිටවෙන දේවල් වලට දැඩි නීති රීති පනවා තිබුණු බවයි. එම නිසා කොකා කෝලා නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන සිරප් එක ඔවුන්ට ගෙන්වාගන්නට ලැබුනේ නැහැ. එම හේතුව නිසා ඔවුන් සතුව පවතින සම්පත් පමණක් ප්‍රයෝජනයට ගන්නට ඔවුන්ට සිදුවුනා. ෆැන්ටා ඔරේන්ජ් සෝඩා නිෂ්පාදනය වුනේ එහි ප්‍රතිපලයක් ලෙසයි. එය නිපදවූයේ ජර්මනියේ කොකා කොලා සමාගමයි. යුද්ධය ඉවරවූ පසුව එහි ලාබය කොකා කොලා සමාගම වෙත ලැබුනා.

2. ලිංගික බෝනික්කන්

දෙවෙනි ලෝක යුධ සමයේදී ජර්මනිය තුල ලිංගිකව බෝවෙන රෝග විශාල ලෙස හිස ඔසවා තිබුනා. විශේෂයෙන්ම සිෆිලිස් කියන ලිංගික රෝගය වසන්ගතයක් වසංගතයක්ව පැවතියා. එම රෝග පැතිරීමට ප්‍රධානම හේතුවක් වුනේ පැරිසියේ ජර්මන් හමුදා කණ්ඩායම් ඝනිකා ඇසුරට දැඩි ලෙස ඇබ්බැහි වී සිටීමයි. එම තත්වය පාලනය කරගැනීමට හිට්ලර් අලුතෙන් ව්‍යාපෘතියක් ආරම්භ කළා. එනම් සිරකරුවන්ට යන තැනකට රැගෙන යාහැකි ලිංගික බෝනික්කන් නිෂ්පාදනය කිරීමයි. මෙම කැරුණේ සත්‍යය අසත්‍ය තාවය දැඩි මතභේදයකට තුඩුදී තිබෙනවා.

3. වෝක්ස්වේගන්

1930 දශකයේ ජර්මනියේ වූ විශාලම ගැටලුව නම් ප්‍රවාහනයයි. මෝටර් රථයක් තිබුනේ ඉතාමත්ම සුළු පිරිසකට පමණයි. මොකද මෝටර් රථ ඉතාමත්ම මිලෙන් අධික වුනා. එම නිසා හිට්ලර් විසින් මහජනතාවගේ මෝටර් රථය යනුවෙන් හැඳින්වූ අරමුදලකට විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කළා. වෝක්ස්වේගන් සමගාම ආරම්භ වුනේ එහි ප්‍රතිපලයක් ලෙසයි. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව වෝක්ස්වේගන් සමාගම ලොව දෙවෙනියටම විශාල මෝටර් රථ නිෂ්පාදන සමාගම බවට පත්වුනා. එහි ප්‍රතිපලයක් ලෙස ජර්මන් ජනතාව අතර මෝටර් රථය පොදු මෙවලමක් බවට පත්වුනා. ඔබේ මෝටර් රථය වොක්ස්වේගන් සමාගමට අයත් එකක් නම් ඔබ ඒ සඳහා හිට්ලර්ට ස්තූතිවන්ත විය යුතුයි.

4. ජෙරීකෑන්

මේ ඔබ දකින්නේ ඉන්ධන ගබඩා කරගැනීමට භාවිතා කරන කෑනයක්. එය 1930 දශකයේදී ජර්මනිය තුල නිෂ්පාදනයවූ එකක් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එය විශේෂයෙන්ම නිර්මාණය කලේ ජර්මන් හමුදාව සඳහායි. එම කෑන් එකට ඉන්ධන ලීටර් 20ක ප්‍රමාණයක් රඳවා තබාගන්නට පුළුවන්. පසුව අනෙකුත් රටවල් වලද මෙය ජනප්‍රිය මෙවලමක් වුනා.

Wehrmacht-Einheitskanister von 1941, Hersteller NIRONA

5. ත්‍රිමාන චිත්‍රපටි

ජන මාධ්‍යය අනිසි ලෙස භාවිතා කරමින් හිට්ලර් තම දේශපාලන ව්‍යාපාරය සාර්තකව කරගෙන ගියා. ඉන් නොනැවතී චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට හිට්ලර් තුල දැඩි ආශාවක් තිබුනා. ඔහුට අවශ්‍ය කර තිබුනේ වෙනස්ම විදියේ චිත්‍රපටි තාක්ෂණයක් හඳුන්වාදීමයි. ත්‍රිමාන චිත්‍රපටි තාක්ෂණය සංවර්ධනයට හිට්ලර් විශාල ලෙස මිදල් වියදම් කරා. 1936 වර්ෂයට අයත් ත්‍රිමාන චිත්‍රපටි දෙකක් ජර්මනියෙන් හමුවී තිබෙනවා. හොලිවුඩ් සිනමාව ත්‍රිමාන තාක්ෂනය භාවිතා කිරීමට පෙළඹුනේ, ඉන් වසර 16කට පමණ පසුවයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!