යාචකයින් කෝටිපතියන් වූ අවස්තාවන් 5ක්

අපිටත් වඩා මුදල් වල අවශ්‍යතාවය තදින්ම දැනෙන මිනිසුන් අනන්තවත් සිටිනවා. නිවසක් නොමැතිව මහමග අසරණව අනුන්ගෙන් ලැබෙන දෙයක් අනුභව කරමින් ජීවත් වෙන මිනිසුන්, හොඳම උදාහරණයකි. මොහොතක් සිතන්න, එවැනි මිනිසෙකුට ලොතරැයි දිනුමක් අදුනොත් එය කෙතරම් අගනේද ? අද අපි ඔබව දැනුවත් කරන්නේ ලොතරැයි දිනුමක් ඇදුනු යාචකයින් කිහිප දෙනෙකු පිළිබඳවයි.

1. මයිකල් එන්ෆෝස්

කොලරාඩෝ වල වාසය කරන මෙම 61 හැවිරිදි පුද්ගලයාගේ සියලු ව්‍යාපාර බංකොලොත් වුනා. එම නිසා ඔහුට වසර 6ක් පුරාවට මහමග අසරණව දිවිගෙවීමට සිදුවුනා. නමුත් ඔහුගේ වාසනාව කොහේ හෝ සැගවී තිබුනා කිව්වොත් නිවැරදියි. ඩොලර් 10ක් වය කොට ඉන්ධන පිරවුම් හලෙන් ලොතරැයියක් මිලදී ගැනීමත් සමගම, ඔහුගේ සැගව තිබු වාසනාව එකවර ඉස්මතු වුනා. විශ්වාස කරන්න, ඔහුට එම ලොතරැයියෙන් ඩොලර් 50,000ක මුදල් දිනුමක් හිමිවුණා. ඔහුට එම මුදල් වලින් සිදුකිරීමට අවශ්‍යවී තිබුනේ එක දෙයක් පමණයි, එනම් වසර 20කින් දැකීමට නොහැකිවූ ඔහුගේ දියණිව සොයාගැනීමයි.

2. එමිලි රේයස්

ජීවතය පිළිබඳව කිසිඳු බලාපොරොත්තුවක් නොමැතිව මහමග දුකසේ වෙසෙන මිනිසුන්, මත්ද්‍රව්‍යය භාවිතයට ස්වභාවයෙන්ම පෙළඹෙනවා. එමිලි රෙයස් කියන මෙම යාචක කාන්තාවත් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිවී සිටියා. එහි පතුලට ගිලුණු ඇය අනන්ත වාරයක් සිර දඩුවම් විඳ ඇති. සිරෙන් නිදහස් වුනු ඇය කාන්තා පුනරුත්තාපන කඳවුරකට ඇතුළු වුනා. මාස 6ක් පුරාවට ඇය කිසිඳු මත්ද්‍රව්‍යයක් භාවිතා කර තිබුනේ නැහැ. ඇය දවසක් ටෙක්සාස් වලින් මිලදීගත් ලොතරැයියකට ඩොලර් ලක්ෂ දෙකක මුදලක් ඇදී තිබුනා. ඇය එම මුදල් වලින් ජීවිතය අලුතෙන් පටන් ගැනීමට සැලසුම් කල අතර, ඉන් කොටසක් තමන් වගේම අසරණ කාන්තාවන් සිටින පුනරුත්තාපන කඳවුරට ප්‍රධානය කළා.

3. ග්‍රාන්ට් ෆ්රීමන්

සූදුවට දැඩිලෙස ඇබ්බැහිවී සිටි ඔහුගේ සියලුම ධනය නැති නාස්ති වී ගියා. අවසානයේදී ඔහුට මහමගටම වැටීමට සිදුවුනා. සංචාරකයින්ගෙන් ලැබෙන සුළු සිගමනකින් ජීවිතය ගැටගසා ගන්නට ඔහුට සිදුවුනා. සුදුව නිසා සියලු දේ නැති වුනත් ඔහුට පුරුද්ද අතහැර ගන්නට හැකිවුණේ නැහැ. ඔහු ලැබුණු සිගමනෙන් ඩොලර් 2ක් වැනි මුදලක් වැය කොට, ලොතරැයි දෙකක් මිලදීගනු ලැබුවා. එම ලොතරැයි දෙකම ඔහුට ඇදී තිබුනා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එක් ලොතරයියකට තිබුනේ ඩොලර් 8ක් වුනත් අනෙක් ලොතරයියට ඩොලර් 180,000ක මුදලක් ඇදී තිබුනා. වාර්තා වෙන විදියට ඔහු ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන තිබෙනවා. ඒවගේම සූදුව පිළිබඳව හොඳ පාඩමක්ද ඉගෙන ගෙන තිබුනා.

4. වික්ටර් හෙරාරා

මියාමි ෆ්ලොරීඩා යනු සංචාරක ආකර්ෂණය දිනාගත් සුන්දරම ස්ථානයක්. නමුත් කුමක් හෝ අවාසනාවකට එම සුන්දර ස්ථානයේ, මහමග අසරණව දිවිගෙවීමට ඔහුට සිදුවුනා. බිරිඳ ඔහුව දික්කසාද කිරීම නිසා ඔහු තම දරුවා සමග ගෙව්වේ ඉතාමත්ම දුක්ඛිත ජීවිතයක්.

ග්‍රීෂ්ම රිතුවෙදී මියාමි ප්‍රදේශයට දැඩි ලෙස අව් රශ්මිය පතිත වෙනවා. එම උෂ්ණත්වය දරාගැනීමට නොහැකි තැන ඔහු වෙළඳ සැලකට ගොස් අයිස් බෑගයක් මිලදී ගනු ලැබුවා. ඒ සමගම ඩොලර් 5ක ලොතරැයියක් මිලදී ගන්නටද ඔහු අමතක කරේ නැහැ. පූරුවේ කල පිනක් පඩිසන් දුන්නා සේ එම ලොතරැයියෙන් ඩොලර් ලක්ෂ දෙක හමාරක මුදලක් ඔහුට ඇදී තිබුනා. ඔහු එම මුදල් වලින් අලුත්ම නිවසක් මිලදී ගනු ලැබුවා.

5. ලස්ලෝ ඇන්ඩ්රස්චෙක්

මෙම ලයිස්තුවේ වූ විශාලතම ජයග්‍රාහී මුදල හිමිවුණේ ඔහුටයි. එම මුදල් වලින් ඔහු සිදුකරපු දෙය නිසා ඔහු සැමගේ කතාබහට ලක්වුනා. බීමත්කම නිසාම ඔහුට සියලු දේ අහිමිවී වසර 7ක් මහමග යාචකයෙක්ව දිවිගෙවීමට සිදුවුනා. ඔහු දිනක් තම අතෙහි වූ සියලු මුදල් වැය කොට ලොතරැයියක් මිලදීගනු ලැබුවා. ඔහුගේ වාසනාව කෙතරම්ද යත් ඔහුට එම ලොතරැයියෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හිමිවුණා. ඔහු එම මුදලෙන් විශාල කොටසක් යාචකයින් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්තානයකට පරිත්‍යාග කළා. ඔවුන් දෙදෙනාත් වාසය කලේ එම මධ්‍යස්තානයෙමයි. ඔහු එතනින් නොනැවතී ඇබ්බැහිවුවන් වෙනුවෙන් අරමුදලක්ද ආරම්භ කළා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!