පිවිසුම් දෙකක් සහිත අද්භූත පාශානයක් හමුවෙයි!

උතුරු අරාබියේ නෑබෙටියන් රාජධානිය එකල ඉතාමත්ම සමුර්ධිමත් රාජධානියක්ව පැවතියා. ඇරැබියන් පෙනින්සියුලා වෙළඳ මාර්ගයේ පාලන බලය පැවතියේ නෑබේටියන් රාජාධානිය සතුවයි. එම නිසාම නෑබේටියන් වරු ලොව ධනවත්ම සහ බලවත්ම ජාතියක් බවට පත්වුනා.

ඔවුන් විසින් ඉදිකරනු ලැබූ ස්මාරක වලින් එම සමුර්ධිමත් බව හොඳින් ඉස්මතුවී පෙනෙනවා. ජෝර්දාන් වල පිහිටි ලොව ප්‍රසිද්ධම නෑබේටියන් ස්මාරකය තමයි මේ ඔබ දකින්නේ.

එම අති දක්ෂ නෑබේටියන් ගල් වඩුවන් විසින් පාෂණ මත අඹපු නිර්මාණයන් සැබවින්ම විශ්මය ජනකයි. ඔවුන්ගේ රාජධානිය පුරාවටම එවැනි නිර්මාණ රාශියක් දැකගන්නට පුළුවන්. කසාර් අල් ෆරීඩ් යනු එවැනි විශිෂ්ට නිර්මාණයකි. එහි තේරුම හුදකලා මාලිගාව යන්නයි. එය පිහිටා තිබෙන්නේ උතුරු සෞදි අරාබියේ පුරාවිද්‍යා කලාපය තුලයි.

එය මාලිගාවක් ලෙස හැඳින්වූවත් එය ස්මාරකයක් බව මතක තබාගන්න. එම ස්මාරකය නැබෙටියන් වරුන් විසින් ඉදිකරපු ස්මාරමයන් 111ක් අතරින් එක් ස්මාරකයක් පමණයි. යුනෙස්කෝ ආයතනය විසින් එය ලොව උරුමයක් ලෙසද නම්කර තිබෙනවා.

අනෙකුත් ස්මාරක වලින් මෙම ස්මාරකය ඈත්ව හුදකලාව පිහිටා ඇතිනිසා, එය කසාර් අල් ෆරීඩ් එසේත් නොමැති නම් හුදකලා මාලිගාව ලෙස නම් කර තිබෙනවා. මෙම අද්විතීය ස්මාරකයන් නැබේටියන් වරුන්ගේ සමුර්ධිමත් බව හොඳින් විදහා දක්වනවා.

එම ස්මාරකයේ ඉදිරිපස ඇති දොරවල් දෙක පාශානය අභ්‍යන්තරයේ වූ මාලිගාවකට පිවිසෙන දොරටුවක් සේ ඔබට පෙනනවා ඇති.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!