මියගිය අයට පණ දෙන්න සමාගමක් සැරසෙයි!

දියුණු තාක්ෂණයක් පවතින අදවැනි යුගයක මිනිසාට කරන්නට බැරි දෙයක් නැහැ. අද අපි ඔබව දැනුවත් කරන්නේ සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවූ දෙයක් පිළිබඳවයි.

මොලය මැරුණු පුද්ගලයින්ට නැවත පණදීමට ජීව තාක්ෂණික සමාගමකට අවශ්‍යවී තිබෙනවා. Bioquark ලෙස හඳුන්වන එම සමාගම මේ සැරසෙන්නේ සිතීමට පවා අපහසු විශ්වකර්මයක් සිදුකිරීමටයි. වෙනත් විදියකට කිව්වොත්, ඔවුන්ට අවශ්‍ය කර තිබෙන්නේ මළගියවුන් මරණයෙන් නැගිට්ටවීමටයි.

මොලය මියගිය පුද්ගලයින් සායනික වශයෙන් මරණයට පත්වී ඇති බව පැවසෙනවා. මොකද ඔවුන්ට කිසිම හැගීමක් දැනීමක් නැහැ. අඩුම තරමේ හුස්ම ගන්නෙවත් නැහැ. ඔවුන්ගේ ශරීරය කුණුනොවී පවතින්නේ යන්ත්‍රවල ආදාරය ඇතුවයි. මෙවැනි පුද්ගලයින්ට ඇත්තටම පණ දෙන්නට පුලුවන්ද ?

විද්‍යාව පිළිබඳව අඩුවෙන් තක්සේරු කරන්නට එපා. ඔවුන් එය සිදුකරන්නේ කෙසේද කියා දැන් අපි සොයාබලමු.

ඔවුන් මෙහිදී මොලය මියගිය පුද්ගලයින් 20 දෙනෙක් තෝරාගනු ලබනවා. ඉන්පසුව ඔවුන් විවිධ වූ පර්යේෂණ කිහිපයකට භාජනය කිරීමට නියමිතයි. සියල්ලටම ප්‍රථමව (Stem Cells) එන්නත් කරනවා. එම සෙට්ම් සයිල ලබාගන්නේ රෝගියාගේ ශරීරයෙන්මයි. ඉන්පසුව එම ප්‍රෝටීන් විශේෂය රෝගියාගේ කොඳු ඇට පෙළට එන්නත් කරනවා. එවිට අලුතෙන් නියුරෝන වර්ධනය වෙනබව පැවසෙනවා. ඉන්පසුව දවස් 15ක් පුරාවට ලේසර් චිකිත්සාවක් සහ ස්නායු උත්තේජනය කිරීමක් සිදුකරනවා. එහි ප්‍රතිපලයක් ලෙස නියුරෝන අතර සම්බන්ධතාව්යාන් නැවත පණ ගැන්වෙන්නට පුළුවන්.

එම සමාගමට මෙම ක්‍රියාවලිය පිළිබඳව හොඳ විශ්වාසයක් තිබෙනවා. මොලය මියගිය අයට මෙමගින් නැවත පණදිය හැකි බව ඔවුන් තදින්ම විශ්වාස කරනවා.

2016 වර්ෂයේදී ඉන්දියාව තුල මෙවැනි පර්යේෂණයක් සිදුකිරීමට සැරසුණා. නමුත් ඇතිවූ දැඩි මතභේදාත්මක තත්වය නිසා එය අතරමග නතරකිරීමට සිදුවුනා.

ඉහත ක්‍රමය කොමාරෝගීන් සඳහා සාර්ථකවී තිබුනත්, මොලය මියගිය පුද්ගලයින්ට එය කෙසේ බලපාවිද කියානම් කල්තියා පවසන්නට බැහැ.

මියගිය පුද්ගලයෙකුන්ගෙන් මේ සඳහා අවසර ගන්නේ කෙසේද ? එය සැබෑම ගැටළුවක් වී තිබෙනවා. නැවත පණ ලැබුණු පසුව එම පුද්ගලයා මොනවගේ වේවිද ? එය තවත් ගැටලුවකි. එලස පණ ලබන්නේ කලින් සිටිය පුද්ගලයාමද ? ඊට පිළිතුරු දෙන්න කිසිවෙකු සමත් වී නැහැ.

විද්‍යාඥයින් අතරින් බහුතරකට මේ පිළිබඳව විශ්වාසයක් නැහැ. නමුත් උත්සහ කරන්නේ නැතුව එය සාර්ථක වන්නේ නැතිබව පවසන්නේ කෙසේද ?

මෙම ආයතනයට ඔවුන්ගේ පර්යේෂණය සාර්ථක කරගන්නට පුළුවන් වේවිද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!