පිටසක්වල ජීවීන් සමග සම්බන්ධ වීමට විද්‍යාඥයින් සුදානම්

පිටසක්වල ජීවීන් අපි හා සමබන්ධවෙනකන් තව දුරටත් බලාසිටීමට විද්‍යාඥයින් සුදානම් නැහැ. ඔවුන් ඉන් වෙහෙසට පත්වී තිබෙනවා. එම නිසා පිටසක්වල ජීවීන් සමග සන්නිවේදනය කිරීමේ අරමුණෙන්, අභ්‍යවකාශයට පණිවිඩ කිහිපයක් මුදාහැරීමට විද්‍යාඥයින් තීරණය කර තිබෙනවා. ජීවයක් පැවතිය හැකි බවට සැකකළ හැකි ග්‍රහලෝක ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබෙනවා.

ලබන වසරේදී සිදුකිරීමට නියමිත මෙම ක්‍රියාන්විතයට වැඩි දෙනෙක්ගේ කැමැත්තක් නැහැ. ස්ටීවන් හෝකින්ස් වැනි විද්‍යාඥයින් පවසන්නේ මෙය සියදිවි නසාගැනීමක් බවයි. ඔහු පවසන්නේ පෘතුවිය පිටසක්වල ජීවීන්ගේ නෙත ගැටුනොත්, එය සියලු ජීවීන්ගේ අවසානය බවයි.

සැන් ෆ්රැන්සිස්කෝ හී METI සංවිධානයේ මෙම සැලසුම 2018 වර්ෂයේදී ක්‍රියාවට නැංවීමට නියමිතයි.

එම සංවිධානයේ සභාපති ඩග්ලස් වේකොච් මහතා පවසන්නේ, ඔවුන් මෙලෙස විශ්වයට මුදාහරින්නේ සංකීර්ණ සඥාවන් කිහිපයක් බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, විශ්වය තුල සැගවී සිටීම කිසිලෙසකින්වත් සිදුකල නොහැකි බවත්, අපි විසින්ම ඔවුන්ට අපිව හඳුන්වාදීම බුද්ධිමත්ම දෙය බවයි. ඇතැම් විට පිටසක්වල ජීවීන් අපෙන් පණිවිඩයක් ලැබෙනකන් බලාසිටිනවාද වියහැකියි.

2018 වර්ෂයේදී යවනු ලබන එම සඥාවන් වලට මුලික ගණිතමය සහ විද්‍යාත්මක සංකල්ප කිහිපයක් ඇතුලත් කිරීමට නියමිතයි.

ඔවුන් මෙහිදී භාවිතා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ, ග්‍රහලෝක රේඩාර් කිරණ අධ්‍යයනයන් සඳහා යොදාගනු ලබන බලවත් සම්ප්‍රේෂකයන්.

ජීවයක් පැවතිය හැකි බවට සැකකළහැකි ග්‍රහලෝක ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්වී තිබෙනවා.

මෙවැනි සඥාවන් කිහිපයක් අතීතයේදීත් අභ්‍යවකාශයට මුදාහරිනු ලැබුවා. 1974 වර්ෂයේදී ඇරෙසීබෝ දුරේක්ෂයෙන් යවනු ලැබූ සඥාවන් ඉතාමත්ම ජනප්‍රියයි. එම සඥාව තුල අප සුර්යග්‍රහමණ්ඩලය, මිනිස් වර්ගය සහ පෘතුවියේ ජෛවරසායනය පිළිබඳව විස්තර ඇතුලත් කර තිබුනා.

නමුත් 2018 වර්ෂයේදී යවනු ලබන සඥාවන් වල අන්තර්ගතය වන්නේ, භෞතික විද්‍යා සහ ගණිතමය සංකල්ප කිහිපයකි.

මෙම පර්යේෂකයින් සතුව ඇත්තේ සුබවාදී ආකල්ප වුනත්, ස්ටීවන් හෝකින්ස් මහතා නම් පවසන්නේ, පෘතුවිය පිටසක්වල ජීවීන්ගේ නෙත ගැටුනොත් ඔවුන් එය අනිවාර්යයෙන්ම ආක්‍රමණය කොට, මෙහි ජනාවාස පිහුටුවීමට කටයුතු කරන බවයි.

සරල උදාහරණයකින් ඔහු එය පැහැදිලි කරේ මෙහෙමයි. එය හරියට කොලොම්බස් ඇමරිකාවට ගොඩ බැස්සා වගේ වේවි. ස්වදේශීය ඇමරිකානුවන්ට අත්වුණු අවසනාවන්ත ඉරණමම අපිටත් අත්වේවි.

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද ? එය පහතින් සඳහන් කරන්නටත් අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!