කැසීනි අභ්‍යවකාශ යානාව සෙනසුරු මතදී සියදිවි නසාගිනියි

දන්නවද ? අද ඉතාමත්ම දුක්බර දවසක්. විශේෂයෙන්ම නාසා ආයතනයට. වසර 20ක් පුරාවට සිදුකරනු ලැබූ අභ්‍යවකාශ මෙහෙයුම නිමාවට පත්කොට, කැසීනි අභ්‍යවකාශ යානාව අද සියදිවි නසාගෙන තිබුනා. එම යානාව තමා විසින්ම විනාශ වුනේ සෙනසුරුගේ වායුගෝලයට ඇතුල් වීමෙන්.කැසීනි යානාවේ අවසාන මොහොත අපිට දැකගන්නට ලැබුනේ නැහැ. නමුත් නාසා ආයතනය එය සජීවීකරණ වැඩසටහනක් ලෙස එළිදක්වා තිබෙනවා. එය සෙනසුරුගේ වායුගෝලයට කඩාවැටී තිබුනේ පැයට සැතපුම් 77,000ක් තරම් වේගයකින්.

ඒ සමගම කැසීනි යානාවේ සඥාවන් සම්පූර්ණයෙන්ම විසන්ධි වුනා. ඒ සමගම නාසා ආයතනයේ තවත් එක් අභ්‍යවකාශ මෙහෙයුමක් අති සාර්ථකව නිමාවට පත්වුනා.ඩොලර් බිලියන 4ක් වැයකොට නිෂ්පාදනය කරනු ලැබූ එම යානාව විසින්, සෙනසුරු ග්‍රහයා පිළිබඳව අපිට ලබා දැනුම සැබවින්ම විශ්මය ජනකයි.සෙනසුරුගේ දැවැන්ත කුනාටු තත්වයන් ඊට දර්ශනයවූ අතර වළලු පද්ධතිය ඉතාම සමීපව පටිගත කරගෙන තිබුනා. එපමණක් නොවෙයි, චන්ද්‍රයාගේ ග්‍රහයන් ජීවයට හිතකර තත්වයක පවතින බවද හෙළිකර සිටියා.

එම යානාව අභ්‍යවකාශ ගත කිරීමට පෙර සිටම, නාසා ආයතනය එහි අවසානය සිදුවන විදිය තීරණය කර තිබුනා. නොබෝ දිනකින් එහි ඉන්ධන ඉවර වෙන නිසා නාසා ආයතනය එය සෙනසුරුගේ වායු ගෝලයට ඇතුල් කිරීමට කටයුතු කළා. වායු ගෝලයට ඇතුළු වූ ක්ෂණිකව එය වාෂ්ප වී යන්නට ඇති.නාසා ආයතනය එම මොහොත සජීවීකරණය කර තිබු හැටි ඇතුලත් වීඩියෝව අපි ඔබට පහතින් ලබා දෙන්නම්,

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!