අයිෆෝන් 10 පරදවන සුපිරි දුරකථනය.

පසුගිය සතියේදී සැවොම කතාවුනේ අයිෆෝන් 10 දුරකථනය පිළිබඳවයි. නමුත් දැන් සැමගේ අවදානය යොමුවී තිබෙන්නේ, ගූගල් ආයතනය විසින් අලුතෙන්ම හඳුන්වාදීමට නියමිත පික්සල් 2 දුරකථනය පිළිබඳවයි. ඔක්තෝබර් 4 වෙනිදා පැවැත්වීමට නියමිත මාද්‍යය හමුවේදී ගූගල් ආයතනය එය නිල වශයෙන් නිවදෙනය කිරීමට නියමිතයි.

ඇපල් ආයතනය සහ ගූගල් ආයතනය ප්‍රභල ප්‍රතිවාදීන් දෙදෙනෙක් බව ඔබ දන්නවා ඇති. ඇපල් ආයතනයේ සජීවී විකාශනයන් ගූගල් ක්‍රෝම් හරහා නැරඹීමට ඉඩ ලබා නොදීම හොඳම උදාහරණයකි.

තාක්ෂණික ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ විශේෂ අවදානයක් පික්සල් 2 දුරකථනය වෙත යොමුවී තිබෙනවා. ඔවුන් පවසන්නේ ගූගල් ආයතනයේ අලුත්ම දුරකථනය අයිෆෝන් පරිශීලකයින් පවා විශ්මයට පත්කිරීමට සමත් එකක් බවයි. ඇපල් අයිෆෝන් 10 දුරකතනයේ තොරතුරු කලින්ම පිටවුනත්, පික්සල් 2 දුරකතනයේ තොරතුරු තවමත් අභිරහසක්ව පවතිනවා.

එම නිසා ඔක්තෝබර් 4 වෙනිදා දිනය පැමිණෙන තුරු බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් සිටිනවා.

ගූගල් ආයතනයේ අලුත්ම දුරකථනය පැමිණෙන්නේ කෝල්කොම් පවුල අලුත්ම මොඩමයයි. එම නිසා LTE ජාලය හරහා සුපිරි වේගයකින් දත්ත හුවමාරු කරගන්නට පුළුවන්. ඇතැමුන් පවසන්නේ මෙය වත්මත් තාක්ෂණයට වඩා දස ගුණයකින් පමණ වේගවත් බවයි.

ඒවගේම පික්සල් 2 දුරකතනයට ආගියුමන්ටඩ් රියලිටි තාක්ෂනය ඇතුලත් වෙන අතර, වර්චුවල් රියලිටි කියන සුපිරි තාක්ෂණයද ඇතුලත් වෙන්නට පුළුවන්.

තාක්ෂණික ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසන පරිදි, පික්සල් 3 දුරකතනයට ඔබ්බවා ඇති බවට අනුමාන කළහැකි VR තාක්ෂනය විසින්, අයිෆෝන් 10 දුරකතනයේ වූ සියලු පහසුකම් අබිබවා යන බවයි.

වාර්තා වෙන පරිදි, අයිෆෝන් 10 දුරකතනය මෙන් පික්සල් 2 දුරකතනයේ මිල ගන්නද ඉහල අගයක පැවතිය හැකියි.

ගූගල් පික්සල් 2 පිළිබඳව දැනට වාර්තා වන්නේ මෙපමණයි. ඉදිරියේදී ඒ පිළිබඳව ලැබෙන තොරතුරු පිළිබඳව එසැනින් ඔබව දැනුවත් කරන්නම්.

ඔබ සිතන විදියට පික්සල් 2 දුරකතනයට අයිෆෝන් 10 දුරකථනය අභිබවා යන්නට පුළුවන් වේවිද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!