ලොව ප්‍රථම වරට මිනිස් මොලය අන්තර්ජාලය හා සම්බන්ධ කරයි

ඇගිලි තුඩු අගින් ස්පර්ශක තිර වලට තට්ටු කරපු කාලය ඉවර වෙන්න ලගයි, මොකද බ්‍රේන් ඉන්ටර්නෙට් තාක්ෂනය කරලියට පැමිණ තිබෙනවා.

ජෝහැනස්බර්ග් වල විට්ස් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක්, ප්‍රථම වරට මොලය ඍජුවම අන්තර්ජාලය හා සම්බන්ධ කොට තිබෙනවා.

සාමාන්‍යය පරිගණකයක් සමග මිනිස් මොලය සම්බන්ධ කරන එක පහසු දෙයක් නොවෙයි. එලෝන් මස්ක් සහ ඇමරිකානු හමුදාවේ විද්‍යා අංශය විසින් කොතෙක් උත්සහ කලත්, සාර්ථකත්වය ලබාගැනීමට හැකිවුණේ නැහැ. නමුත් අවම අරමුදලක් ඇති පර්යේෂණ ආයතනයක් විසින් එය සාර්ථක කරගැනීම නම්, සැබවින්ම පුදුමයට කරුණකි.

විදෙස් මාද්‍යය වාර්තා කරතිබුනු පරිදි, ස්නායු විශේෂඥයින්ගෙන් සහ ඉන්ජිනේරුවන්ගෙන් සමන්විත එම කණ්ඩායම විසින්, මොලයේ විද්‍යුත් සඥාවන් හඳුනාගත හැකි උපකරණයක් භාවිතා කර තිබුනා. එම උපකරණයට ස්තූතිවන්ත වෙන්න ස්නාසාවේදීය ක්‍රියාකාරීත්වය සාමාන්‍යය පරිගණකයකට සම්ප්‍රේෂණය කිරීමට හැකිවී තිබෙනවා.

එය හරියට යමෙකුගේ ස්නායු ක්‍රියාකාරීත්වය විවුර්තව පරීක්ෂා කළහැකි, තාක්ෂණික කවුළුවක් වැනි දෙයකි. එවැනි පර්යේෂණයක් සාර්ථකව සිදුකරනු ලැබූ ප්‍රථම අවස්තාව මෙයයි. මොලය විසින් ලබාදෙන උත්තේජනයට එය ක්ෂණිකව ප්‍රතිචාර දක්වා තිබුනා.

අනාගතයේදී බ්‍රේන් ඉන්ටර්නෙට් තාක්ෂනය පොදු දෙයක් බවට පත්වේවි. ඒවගේම ඉන්පුට් සහ ඔවුට් පුට් ක්‍රම දෙකටම මොලයට දත්ත සම්ප්‍රේෂණය කරන්නටද පුළුවන් වේවි.

ක්‍රමලේඛන තාක්ෂනය් ප්‍රමාණවත් තරම් දියුණුවක් ලැබූ විට, ඔබට තවත් පුද්ගලයෙකුගේ මොලයට දත්ත ආකාරයෙන් විද්‍යුත් සඥාවන් යැවිය හැකියි. ඩිජිටල් පරිගණක හා සසඳා බලනවිට මොලයේ සකසන ක්‍රියාවලිය ඉතාමත්ම වෙනස්.

පරිගණක වල භාවිතා වෙන්නේ බින්දුව සහ එක කියන බයිනරි ක්‍රමවේදයයි. නමුත් මිනිස් මොලය තුල සිතුවිලි සහ ක්‍රියාවන් හා සබැඳි ජයිව විද්‍යුත් රසායනික සම්ප්‍රේෂකයන් බිලියන ගණනින් සිදුවෙනවා. එය හඳුනාගත හැකි පද්ධතියක් නිපදවීම නම් සුළුපටු දෙයක් නොවෙයි.

මෙය ඉදිරියේදී සිදුවිය හැකි මහා පෙරළියක මුලාරම්භයක් ලෙසද හඳුන්වන්නට පුළුවන්. මෙම තාක්ෂණයට ස්තූතිවන්ත වෙන්න යන්ත්ර්යාකට මිනිස් මොලය සවිකොට, භාගයක් යන්ත්‍රයක් සහ භාගයක් මිනිසෙකු වන සයිබෝර්ග් වරුන් නිපදවන්නත් පුළුවන් වේවි.

මොහොතක් සිතන්න, තවත් අවුරුදු 50කින් ලෝකය සිතාගන්නවත් බැරි විදියට වෙනස් වේවි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!